ඉරානය ප්‍රතිචාර දක්වමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඊශ්‍රායලයෙන් මරණ වාර්තා වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් තවත් 58 දෙනකු තුවාල ලබා ඇති බව පැවැසෙයි.

ඩුබායි ඇතුළු ප්‍රධාන නගරවල සිදුවූ පිපිරීම් හේතුවෙන් දේපළවලට ද දැඩි හානි සිදුව ඇති බවද සඳහන් වෙයි.

ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවර පිහිටි පදිංචි මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.