ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඇමෙරිකන් රාජය ලේකම් මාර්කෝ රූබියෝ අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි.

ඉන්දු ඇමෙරිකා උපායමාර්ගික සහ ආර්ථික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකන් රාජය ලේකම් මාර්කෝ රූබියෝට අමතරව, ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ද හමුවිය.

ද්විපාර්ශ්වික සහයෝගීතා සම්බන්ධයෙන් මෙන්ම කලාපීය ගැටලු සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රූබියෝ අතරේ සාකච්ඡා පැවැත්විණි.

මේ අතර රුසියාව සමඟ තෙල් ගනුදෙනු නවත්වන්නේ නම් සහ ඇමෙරිකාව හරහා වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට පනවා ඇති තීරු බදු අඩු කිරීමටත් නව වෙළෙඳ ගිවිසුමක් යටතේ තීරු බදු අඩු කිරීමටත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇත.

ඉන්දීය විදේශ ලේකම්වරයා වොෂින්ටන් අගනුවරට ගොස් මාර්කෝ රූබියෝ සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක් පැවැත්වූයේ මෙම තත්ත්වය හමුවේය.