මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. 

මෙය ලෝක ඉතිහාසයේ වාර්තා වූ විශාලතම හදිසි තෙල් මුදාහැරීම ලෙස සැලකෙයි. විදෙස් පුවත් සේවා මේ බව වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා අහිමි වූ ගෝලීය තෙල් සැපයුම පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය මෙම පියවර ගත් බවය.