ඩෙන්මාර්කයේ හදිසි මැතිවරණයක් හදිසි මැතිවරණයකට යෑමට, ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් තීරණය කළාය. මැතිවරණයක් පැවැත්වීමට ප්‍රධානතම හේතුව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ගන්නා උත්සාහයයි. 27 February 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා ජිනීවා නුවරදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ ඉරාන නිලධාරීන් අතර න්‍යෂ්ටික වැඩසටහනේ තුන්වන වටයේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණි. 27 February 2026
ජර්මන් චාන්සල්වරයා චීන ජනපති හමුවෙයි චීනයේ සංචාරයක නියැලෙන ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස් සහ චීන ජනාධිපති ෂී ජිං පිං අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි. 27 February 2026
කැනඩා අගමැති ඉන්දියාවට පළුදු වුණු හොඳහිත යළි තර කර ගැනීමේ අරමුණින්, ඉන්දීය නිල සංචාරයක් ආරම්භ කරමින්, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි නවදිල්ලියට පැමිණියේය. 27 February 2026
රෂ්මිකාට විජේට මංගල සීනු දකුණු ඉන්දීය සිනමාවේ වැඩිපුරම කතාබහට ලක්වන සුසංයෝගය; රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහ මංගල උත්සවය අද (26) පැවැත්විණි. මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය වසරේ විවාහ මංගල උත්සවය යනුවෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාට සුබ පැතුම් එක් කළ බව ද පැවැසෙයි. 26 February 2026
මිලියන 100 ක් මෝදිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම බලනවා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය තුළ අනුගාමිකයන්, මිලියන 100 සීමාව පසු කළ ලොව පළමු දේශපාලන නායකයා බවට පත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමත් වී සිටී. 26 February 2026
බ්‍රසීලයේ ජල ගැලීම් 46 දෙනෙක් බිලිගනී බ්‍රසීලයේ - මිනාස් ජෙරයිස් ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 26 February 2026
නෝනාගේ ඇඳුමත් මේ පාටමයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් විශේෂ ගුවන් යානය ටෙල් අවීව් නුවර බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ඔහු පිළිගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගුවන්තොටුපාළට ගොස් සිටියේ බිරිඳ සාරා ද සමඟය. 26 February 2026
මාධ්‍යවේදීන්ට 60 කට ඉන්දියාවෙන් පුහුණුවක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර MCR මානව සම්පත් සංවර්ධන අධ්‍යයන අංශයේ දී පසුගියදා පැවැත්විණි. 25 February 2026
රෂ්මිකා - විජේ මංගල්‍යය හෙට තෙළිගු සිනමාවේ සුපිරි නළු නිළි යුවළ විජේ දේවරකොණ්ඩා සහ රෂ්මිකා මන්දානාගේ විවාහ මංගල උත්සවය හෙට (26) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පැවැසෙයි. 25 February 2026
ට්‍රම්ප් කොංග්රස් මණ්ඩලය අමතයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25) එරට පාර්ලිමේන්තුව (කොංග්රස් මණ්ඩලය) හමුවේ සිය වාර්ෂික ප්‍රතිපත්ති කතාව පැවැත්වීය. 25 February 2026
ඉන්දීය අගමැති මෝදි දින දෙකක් ඊශ්‍රායලයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (25) ඊශ්‍රායලයට පැමිණෙයි. 25 February 2026
කිම් ජොන් උන්ගේ සොහොයුරියට උසස්වීමක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බාල සොහොයුරිය කිම් යෝ ජොංග්ට උසස් වීමක් ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඒ, පාලක කම්කරු පක්ෂයේ මහ සමුළුව පසුගිය දා රැස්වුණු අවස්ථාවේදීය. 24 February 2026
ඉම්රාන් රෝහලට: ඇසට ප්‍රතිකාර විවිධාකාරයේ චෝදනා යටතේ, ඒවාට වරදකරුවී බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීහු කටයුතු කළහ. 24 February 2026
ව්‍යාඝ්‍රයෝ 72ක් වයිරසයකට බිලි තායිලන්තයේ චියැං මායි නුවර, ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන ‘ටයිගර් කිංග්ඩම්’ උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72 දෙනකු සති දෙකකට අඩු කාලයක් තුළ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 24 February 2026
රටේ ආරක්ෂාව තහවුරුයි: බය වෙන්න දෙයක් නෑ රටේ ආරක්ෂාව ගැන බිය විය යුතු නැති බවත් මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බොම් පාර්ඩෝ ජාතිය අමතමින් අවධාරණය කළාය. 24 February 2026
ඉන්දියාවේ ගුවන් යානයක් කඩා වැටී හත් දෙනෙක් මරුට ඉන්දීය ගුවන් යානයක්, එරට ජර්කාන්ද් ප්‍රාන්තයේ දී කඩා වැටුණි. කඩා වැටුණේ කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානයකි. 24 February 2026
ප්රචණ්ඩ හිම කුණාටු නිව්යෝක් නුවර කලඹයි ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ වාර්තාගත හිමපතනය හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් 5,000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 February 2026
ලෙබනනයේ ඇමෙරිකානුවන්ට අනතුරු ලෙබනනයේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සේවය කරන අත්‍යාවශ්‍ය නොවන සියලුම නිලධාරීන් වහා ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකන් රජය කටයුතු කළේය. ඒ, ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. 24 February 2026
ඇමෙරිකාවේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිවරයා අත්අඩංගුවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති පීටර් මැන්ඩෙල්සන් ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පැවැසෙයි. 24 February 2026
රුසියාවේ ගුවන්තොටුපොළ වසා දමයි රුසියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරක් හිටිහැටියේ පැය කීපයකට වසා දැමුණි. 23 February 2026
ඉරානයේ යළිත් සිසු විරෝධතා ඉරාන රජයට එරෙහිව ශිෂ්‍ය විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මීට මාස කීපයකට පෙර, ඉරාන රජයට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි. කෙසේ නමුත් ඒවා මර්දනය කිරීමට ඉරාන ඉස්ලාමීය පාලකයෝ කටයුතු කළහ. 23 February 2026
මෝදි එනකල් බලන් ඉන්නවා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට තමන් ඉමහත් ආසාවෙන් බලා සිටින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඊශ්‍රායලය බලා යෑමට නියමිතය. ඒ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ඇරැයුමකට අනුවය. 23 February 2026
මෙක්සිකෝ අපරාධ කල්ලි නායකයා මරයි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සන්නද්ධ අපරාධවලට සම්බන්ධ මෙක්සිකෝවේ ක්‍රියාත්මක ‘ජැලිස්කෝ නිව් ජෙනරේෂන්’ නමැති දරුණු අපරාධ කල්ලිය අඩපණ කිරීමට එරට හමුදාව සමත් විය. ඒ, ඊයේ (22) සිදු කළ වැටලීමකින්, ‘ජැලිස්කෝ නිව් ජෙනරේෂන්’ කල්ලියේ නායක එල් මෙන්චෝ මරා දැමීමත් සමඟය. 23 February 2026
ට්‍රම්ප් මරන්න ඇවිල්ලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ අරමුණින්, ගිනි අවි රැගෙන ෆ්ලොරිඩාවේ ජනපදයේ පිහිටි ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකුට ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩි තැබූ බව වාර්තා වේ. 22 February 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට දින 10 ක් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද දින 10 ක් ඇතුළත තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 20 February 2026
ජනප්‍රිය නළු එරික් ඩේන් සමුගනී එරික් ඩේන්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතරේ අතිශය ජනප්‍රිය වූයේ, 2014 සිට 2019 දක්වා, ‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාවේ ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයා ටොම් චැන්ඩ්ලර්ගේ චරිතය හරහාය. 20 February 2026
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඔහුට දින කීපයක් පොලිස් අත්අඩංගුවේ පසුවීමට සිදුවනු ඇති බවය. 20 February 2026
දකුණු කොරියා හිටපු ජනපති දිවි ඇතිතෙක් හිරේ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සූක් යොල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඒ, ඔහු 2024 ධුරයේ සිටිද්දී, යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීම මුල්කොට ගනිමිනි. 19 February 2026
ෆේස්බුක් ලොක්කා සකර්බර්ග් අධිකරණයට කුඩා දරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළේ යැයි ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍යවල හිමිකාරීත්වය දරණ, ‘මෙටා’ සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ට චෝදනා එල්ල වී ඇත. 19 February 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026