ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආටිමිස් II මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව සුබපැතුම් එක් කර ඇත‍.

සිය ටෲත් සෝෂල් සමාජ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ, මෙම සමස්ත ගමනම ඉතා විශිෂ්ට වූ අතර, යානය ගොඩබැස්වීමද අතිශය පරිපූර්ණ බවය.

එමෙන්ම, මෙහෙයුමට එක්වූ ගගනගාමීන් පිළිබඳව ආඩම්බර වන බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉතා ඉක්මනින් ඔවුන්ව ධවල මන්දිරයේදී හමුවීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා තැබූ සටහනේ දැක්වෙයි.

අවසන් වරට ජනාධිපතිවරයා එහි දක්වා ඇත්තේ, අපි මෙය නැවතත් සිදු කරන්නෙමු, ඉන්පසු අපගේ මීළඟ පියවර - අඟහරු ලෝකයයි.