හයිටි රාජ්‍යයේ පිහිටි "සිටඩෙල් ලැෆරියර්" ඓතිහාසික බලකොටුවේ පැවැති වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සැමරුම සඳහා අතිවිශාල ජනකායක් රැස්ව සිට ඇති අතර ඇතුළුවීමේ දොරටුව අසලදී මෙලෙස තෙරපීමක් හරගෙන ඇත. හයිටි රාජ්‍යය ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු 19 වන සියවසේ මුල් භාගයේදී මෙම බලකොටුවේ ඉදිකර ඇති බවද සඳහන්.