
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලැස්ම යටතේ පිහිටුවන ලද සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤය නෙරපා හැරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර ඇත.
ගාසා තීරයේ සටන් විරාමය සඳහා පදනම වූ කිරියට් ගැට් හි පිහිටි මධ්‍යස්ථානයෙන් ස්පාඤ්ඤ නියෝජිතයන් ඉවත් කිරීමට නෙතන්යාහු නියෝග කර ඇත්තේ ස්පාඤ්ඤය දිගින් දිගටම ඊශ්‍රායලයේ යුද ක්‍රියාමාර්ග විවේචනය කිරීමට ප්‍රතිචාර දක්වමිණි.
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ යුද්ධය, ගාසා සහ බටහිර ඉවුරේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ප්‍රතිපත්ති මෙන්ම ලෙබනනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤය මින් පෙර ද දැඩි විවේචන එල්ල කර තිබුණි.
ස්පාඤ්ඤය විසින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා අපකීර්තියට පත් කර ඇති බවට නෙතන්යාහු චෝදනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd