ඉරානය පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ඉතා දැඩි ලෙස එකඟතාවයක් අපේක්ෂාවෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

අදාළ පාර්ශ්වකරුවන් තමා අමතමින් සාමූහික එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුම් දුන් බව ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් සන්තක කර නොගත යුතු බවත්, එම කොන්දේසියට එකඟ නොවන්නේ නම් ඔවුන් සමඟ කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැති බවත් ට්‍රම්ප් පෙන්වා දී ඇත.