
නාසා චන්ද්‍ර යානය, සඳේ අඳුරු පැත්තට යද්දී, සඳට පෘථිවිය මුවා විය. ඊට පෙර යානයේ සිටි ගගනගාමීන්ට සඳත්, පෘථිවියත් යන දෙකම එකට දැකගත හැකිවිය. සඳ අතරින් පෘථිවිය නැගෙන අයුරු දැක ගැනීමට ලැබීම ගගනගාමීන්ට සුවිශේෂී අත්දැකීමක් ද විය.
පෘථිවිය සඳට මුවා වෙද්දී මිනිත්තු 40 ක කාලයකට යානය සහ පෘථිවිය අතරේ සබඳතා ඇණහිටියේය. එය නාසා ආයතනය සහ ගගනගාමීන් අපේක්ෂා කළ දෙයකි. මීට පෙර ඇපලෝ මෙහෙයුම්වලදී මේ අයුරින් ම පණිවුඩ හුවමාරු බිඳ වැටී ඇත.
සඳේ පෘථිවියට පෙනෙන සහ නොපනෙන (අඳුරු පැත්ත) අතර සීමාවේ පිහිටි ඉතාමත් දීප්තිමත් ආවාටයක් ගගනගාමීන්ට නිරීක්ෂණය කිරීමට හැකිවුණු අතර, ඔවුහු එම ආවාටය ‘කැරොල්’ යන නමින් නම් කළහ.
කැරොල් යනු කණ්ඩායමට නායකත්වය දෙන රීඩ් වයිස්මන්ගේ මියගිය බිරිඳගේ නාමයයි. පිළිකා රෝගය උත්සන්න වීමෙන් කැරොල් ටේලර් නමැති ඇය මියගියේ 2020 දීය. රීඩ් වයිස්මන්ට යොවුන් දියණියෝ දෙදෙනක් සිටිති.
චන්ද්‍ර ආවාටය ‘කැරොල්’ යනුවෙන් නම් කිරීම රීඩ් වයිස්මන්ට සහ එම දියණියන්ට ද සංවේදී සිදුවීමක් වූ බව නාසා ආයතනය වැඩිදුරටත් කියා සිටී. ‘කැරොල්’ ආවාටය පෘථිවියට පෙනෙන සහ නොපනෙන (අඳුරු පැත්ත) අතර සීමාවේ පිහිටා ඇති බැවින් පෘථිවියේ සිට දුරේක්ෂ ආධාරයෙන් ද එය නිරීක්ෂණය කළ හැකි බව පැවැසෙයි. එම ආවාටය ‘කැරොල්’ යන නිල නිමායනේ හැඳින්වීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය ද සූදානම් වෙයි.
කැරොල් ටේලර් වයිස්මන් ළමා රෝහල්වල හෙදියක ලෙස රාජකාරි කළ තැනැත්තියකි. ඇය රාජකාරි කළේ මේරිලන්ඩ් සහ ටෙක්සාස් ජනපදවල රෝහල්වලය.දැඩි සත්කාර ඒකකවල අසාධ්‍ය බිලිඳුන් රැකබලා ගැනීමට ඇය වෘත්තීය ජීවිතය කැප කළේ යැයි පැවැසෙයි.
ඇය 2003 දී රීඩ් වයිස්මන් සමඟ විවාහ වූවායත ඒ වනවිට වයිස්මන් ඇමෙරිකන් නාවික හමුදාවේ ප්‍රහාරක යානා නියමුවකු විය. ඔහු නාසා ආයතනය සමග එක් වී ගගනගාමියකු වූයේ ඉන් අනතුරුවය. 2020 වසරේදී මියයනවිට කැරොල්ගේ වයස අවුරුදු 46 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd