අන්තර්ජාල මිතුරු හමුවකදී සිදුකළ ප්‍රකාශයකින් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පොලිස් නිළධාරියෙකුට වැඩ වැරදුනේය. පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගිල්බර්ටෝ වැලේ නම් මේ පොලිස් නිළධාරියා අන්තර්ජාල මිතුරු හමුවේදී ළග එන උත්සව සමය නිමිත්තෙන් තමන් කාන්තාවන් 100 දෙනෙකු මරා අනුභව කිරීමට සැළැසුම් කර ඇති බව සදහන් කොට ඇත. මිතුරු හවුලේ සිටි අනෙක් පුද්ගලයින් මේ ප්‍රකාශය හමුවේ අන්දමන්දව ගොස් ඇති අතර ඔවුන් බළධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි. අධිකරණයේදී ඔහුට එරෙහිව පැහැරගෙන යාමට සැළැසුම් කිරීම,හිංසනයට ලක් කිරීම, යන චෝදනා එල්ල කෙරුණු අතර ගිල්බර්ටෝ ප්‍රකාශ කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවත් තමන් ප්‍රකාශ කළ දෙය හුදෙක් හිතළුවක් පමණක් බවත්ය.මෙ නිසා තමන්ට ඇප නියම කර නිදහස් කරන ලෙස හෙතෙම ඉල්ලීය. ගිල්බර්ටෝ ජුගුප්සාජනක හා පිළිකුල් සහගත ලෙස හැසිරී ඇති බව කියමින් ඇප ප්‍රතික්ෂේප කළ විනිසුරු නඩුව එළැඹෙන ජනවාරි මස 22 වැනිදා යළි කැදැවීමට නියෝග කළේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවක් බව දන්නවා නම් නඩු දාන එක හොද නැහැ. (නි)
ලංකාවේ මිස්නිස්සු මුහුණු පොතේ මුස්ලිම් මිනිස්සුන්ට වෙන අසාධාරණයට විරුද්ධව පොලිසි ගියොත් මේ වගේ සාධාරණ තීන්දුවක් දෙයිද? (නි)
ඉර්ෆාන්, ඔයා මොනවද කියවන්නේ? මම දන්න තරමින් එහෙම ප්‍රශ්නයක් නැහැ. (නි)