ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළි නොගන්නා බවත් තමන් ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විධායක තනතුර හොබවන අබ්දුල්ලා අබ්දුල්ලා අද (18) ප්‍රකාශ කළේය.
මාස පහක් මුළුල්ලේ ප්‍රමාද වූ ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණි. වංචා හා අක්‍රමිකතා චෝදනා හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම එලෙස ප්‍රමාද විය. එම චෝදනා නිසා ඡන්ද නැවත ගණනය කළේය.
‘‘පැහැදිලිවම අපේ කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. අපි ජයග්‍රහණය ප්‍රකාශ කරනවා. වංචාකරුවන් ලැජ්ජා සහගත ලෙස ඉතිහාසයට එකතු වෙනවා. අපි අපේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කරනවා’’ යැයි කාබුල් නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අබ්දුල්ලා අබ්දුල්ලා පැවැසීය.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව අෂ්රෆ් ඝානී වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50.64%ක් ලබාගෙන ඇති බවත් අබ්දුල්ලා අබ්දුල්ලා ලබාගෙන ඇත්තේ 39.52%ක් ඡන්ද ප්‍රතිශතයක් බවත් ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්නේ නෑ‘‘