
ඉරාන භූමියේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස
ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ, වාණිජ සහ මූල්‍ය ගනුදෙනු යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ.
ඉරානයෙන් එල්ල වුණු බව පැවැසෙන එම මිසයිලවලින් කාටවත් අනතුරක් සිදුනොවිණි. මිසයිල මුහුදට පතිත විය. ඒ, එමිරේට්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවටය.
ඇමෙරිකා ඉරාන ගැටුමේ දී, එමිරේට්ස් රාජ්‍යය ඉරානයේ ඉලක්කයක් වී ඇත. ඒ ඇමෙරිකන් කඳවුරු එමිරේට්ස් රාජ්‍යයේ පිහිටා ඇති බැවිනි.
එමිරේට්ස් රාජ්‍යය ගත් තීරණය සම්බන්ධයෙන්, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයීල් බගායි පවසා ඇත්ත්, මිසයිල සම්බන්ධයෙන් ඉරානයට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd