
ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව නව රජයක් පිහිටුවනතුරු අතාල් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බව, ප්‍රංශ ජනාධිපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ප්‍රංශ ජනාපධිති මැක්රොන් සහ ඔහුගේ රජය මධ්‍යස්ථමතධාරීන්ය. පසුගිය දා ප්‍රංශ පාර්ලිමේන්තුවේ පැවැති හදිසි මැතිවරණයෙන් වැඩි බලයක් දිනා ගත්තේ දක්ෂිණාංශික සහ වාමාංශික ප්‍රතිවාදීන්ය.
ඒ අනුව, ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ මධ්‍යස්ථමතධාරීන්ට පාර්ලිමේන්තුවේ බලය අහිමි විය. අග්‍රාමාත්‍ය අතාල් සහ රජය ඉල්ලා අස්වීමට තීරණය කළේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd