සම්බන්දන්ට එරෙහිව ඇතුළෙන්ම පැමිණිල්ලක් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට චෝදනා කරමින් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේ. 28 March 2018
මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 28 March 2018
බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ තීරණය කර තිබේ. 28 March 2018
විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය හතර වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අප්‍රේල් 04 වැනි දින ගන්නා බව පක්ෂයේ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 28 March 2018
ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ අපවත් වෙති ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (28) අපවත් වූහ. 28 March 2018
උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි පොලිසියෙන් බවත්, ඔහු අත්අඩංගුවට ගත් සැණින් මෙරරට බාර නොදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 28 March 2018
තලවකැලේට වැසි සමඟ අයිස් කැට තලවකැලේ නගරය හා ඒ අවට ප්‍රදේශයන්ට අද (28) සවස පතිත වූ අධික වර්ෂාවත් සමඟ අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. 28 March 2018
ඇලෝසියස්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රසන්න ඉවතට බ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම සතු බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයට එරෙහිව එම සමාගම සහ එහි සභාපති අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය. 28 March 2018
තිස්තුන් වසරකට පසු ඝාතකයින්ට මරණ දඬුවම මහමගදී ඇගේ හැපුනැයි පුස්තකාලයට පැමිණ පිහියෙන් ඇන තරුණයෙකු මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (28) මරණ දඬුවම නියම කළේය. 28 March 2018
ඉන්ධන බද්ද මාර්තු සිට පහතට ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අඛණ්ව වැඩි වෙමින් තිබුණද ජනතාවට සහනදීමේ අරමුණින් ඉන්ධන වෙනුවෙන් අයකරන බද්ද මාර්තු මාසයේ දී පහත දැමු බව මහා භාණ්ඩාගාරය සඳහන් කරයි. 28 March 2018
ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි ශ්‍රී ලංකාවට විශේෂ ප්රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (28) සඳහන් කළේය. 28 March 2018
තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හෙට (29) පැවැත්වේ. 28 March 2018
ඉංගිරියේ පුද්ගලයෙක් වෙඩි වැදී මරුට ඉංගිරිය අරකැවිල නිවසක ඇදක් මත දී අද (28) පුද්ගලයෙක් වෙඩි වැදි මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 28 March 2018
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරුවරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 28 March 2018
සිවිල් සංවිධාන නියාමන පනත ඉවත් කරයි සිවිල් සංවිධාන නියාමනය කිරීම සදහා රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු ඉවත් කර ගත් බව සිවිල් සංවිධාන එකමුතුවේ නියෝජිත රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (28) පැවසීය. 28 March 2018
බදුල්ලෙත් පුරපති පුටුව පොහොට්ටුවට පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ බදුල්ල මහනගර සභාව අද (28) පොදුජන පෙරමුණේ ප්‍රියන්ත අමරසිරි මහතා නගරාධිපති ලෙස විවෘත ඡන්දයෙන් තේරිපත් විය. 28 March 2018
ඝණ පූරණයක් නැතැයි හම්බන්තොට මහ නගර සභාව කල් යයි හම්බන්තොට මහ නගර සභාවේ ඝණ පුරණය නොමැති කම හේතුවෙන් නගරාධිපති පත් කිරීම තවත් මසකින් කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා සභාව කල් තබමින් අද (28) තීරණය කළේය. 28 March 2018
රත්නපුර මහ නගරසභා ජයත් පොහොට්ටුවට රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී ඡන්ද 12ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ.එම්.ටිරොන් හිරන්ත අත්තනායක මහතා නගරාධිපතිරයා ලෙස අද (28) තේරීපත් විය. 28 March 2018
ගම්පහ සිසුවිය ගැන ළමාරක්ෂක අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලයි මවට ඒඩ්ස් වැළදී ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ දස හැවිරිදි පාසැල් දැරියගේ සිද්ධිය පිළිබඳ මේ වන තෙක් සිදුකළ විමර්ශනවල තොරතුරු ඇතුළත් සවිස්තර වාර්තාවක් 28 March 2018
ස්මිත්ට - වෝනර්ට වසරක තරග තහනමක් පන්දුව පළුදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා නවක ක්‍රීඩකයකු යොදාගැනීමට වරදකරුවන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ දෙදෙනාටම වසර දෙකක් යනතුරු කණ්ඩායම මෙහෙයවීමද තහනම් කර ඇත. 28 March 2018
‘උතුරු නැගෙනහිර අධ්‍යාපනය නඟා සිටුවන්න දස වසරක සැලැස්මක් වසර 30 ක යුද්ධය නිසා බිඳ වැටුණු උතුරු නැගෙනහිර අධ්‍යාපනය දස වසරක සැලැස්මක් අනුව ඉහළ තලයකට ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය. 28 March 2018
සා.පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල අද (28) පස්වරුවේ අනිවාර්යෙන්ම නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 March 2018
ග්ලයිෆොසෙටි නැවත ලබා දීම අපේ වළ අපිම කපා ගැනීමක්‘- පී . හැරිසන් ග්ලයිෆොසෙටි නැවත ලබා දීමෙන් සිදු වන්නේ අපේ වළ අපිම කපා ගැනීමක්. මම ග්ලයිෆොසේට් දෙනවට තදින්ම විරුද්ධයි‘ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 28 March 2018
නීතිවිරෝධිව ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ඩුබායි හි රැකියා සඳහා ගොස් සිටි ලාංකිකයන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බෝතල් තොගයක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 28 March 2018
ෆේස් බුක් ගිණුම් 529 ක් භාවිතයෙන් ඉවතට වසරේ මුල් මාස දෙක තුළ මෙරට ෆේස් බුක් ගිණුම් 529ක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන තිබේ. 28 March 2018
‘විශ්වාසභංගේට ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට නෑ’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනි දා විවාදයට ගැනීම සඳහා පක්ෂ නායකයෝ අද (28) තීන්දු කළහ. 28 March 2018
මස්කෙළියේ මන්ත්‍රීවරියක් සඟවාගෙන යැයි ගැටුමක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28) පැවැති ජන්ද විමසීමේදී සභාවේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය. 28 March 2018
විදුහල්පතිවරු 4800 කට උසස්වීම් නැහැ - ලංකා ගුරු සංගමය දෙමළ භාෂා ප්‍රවීණතා කඩඉම් පරීක්ෂණයට ඉදිරිපත් නොවිම නිසා දිවයිනේ පාසල්වල විදුහල්පතිවරු 4800 කට උසස්විම් අහිමිවි ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. 28 March 2018
මොරගහකන්ද -කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන්වුවන්ට මිලියන 7000 ක වන්දියක් මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය නිසා මේ වන විට අවතැන් වී ඇති පවුල් 3500 ටක ආසන්න ප්‍රමාණයකට රුපියල් මිලියන 7000 ක වන්දි ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. 28 March 2018
කුරුණෑගල පුරපති පුටුව පොහොට්ටුවට පොදුජන පෙරමුණ නියෝජනය තුශාර සංජීව විතාරන මහතා වැඩි ඡන්ද 2 කින් කුරුණෑගල නව නගරාධිපති ලෙස තේරී පත්විය. 28 March 2018
ගුවන් ගමන් අඩපණ වුණු හැටි හෙළිවෙයි ඇමෙරිකාව පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වීමට හේතු වූ රටපුරා ගුවන් ගමන් අත්හිටුවීම, තඹ රැහැන් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇති වූවක් බව එරට ප්‍රවාහන කටයුතු පිළිබඳ ල.. 16 November 2026