ගණකාධිකාරීවරු- ආයුර්වේද වෛද්‍යවරු හෙට ලෙඩ වෙති රජය විසින් තෝරාගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පා ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නිලධාරීන් හෙට (9) දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ. 08 July 2018
ක්ෂේත්‍ර 19ක විධායක නිලධාරීහු 11 වැඩ වරති ක්ෂේත්‍ර 19 කට අයත් රජයේ විධායක නිලධාරීන් මේ මස 11 වැනිදා එක් දින සංකේත වර්ජනයකට හා විරෝධතාවකයකට එළැඹෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව කියයි. 08 July 2018
කඳුරට පෙරමුණේ නායකයාගේ පුතා සංවිධායක ධුරයෙන් ඉවතට කඳුරට ජනතා පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයතු කළ මධ්‍යම පළාත් සභා මන්ක්රී රාධ ක්‍රිෂ්ණන් රාජාරාම් මහතා අද(08) සිට තාවකාලිකව එම තනතුරින් ඉවත් කළ බව එම පක්ෂයේ මහ ලේකම් ඒ ලොරන්ස් මහතා පැවසීය. 08 July 2018
කෝටියක රන් බිස්කට් මෝදරින් අල්ලයි රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝවක් සමඟ ව්‍යාපාරිකයකු මෝදර රජමල්වත්ත ප්‍රදේශයේ නිවසකදී අද අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 08 July 2018
සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදාවෙන් කණේ පහරක් උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ. 08 July 2018
දුම්රිය අර්ධ රාජ්‍ය කරන යෝජනාවට වෘත්තීය සමිති විරෝධය දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති කමිටු නිර්දේශ ඉදිරි දෙසතිය ඇතුළත ඉවත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ආණ්ඩුවටත් පාලකමණ්ඩල යෝජනාවටත් එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. 08 July 2018
වී විකුණගන්න බැරිව හරකුන්ට කන්න දෙති බලන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ ජිවත් වන ගොවින්ගේ වී අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියති . 08 July 2018
තද සුළඟින් දෙවිනුවර විහාරස්ථානයේ වහළයටත් හානි - සිසුවියන් තිදෙනකුට සුළු තුවාල හදිසියේ හටගත් ටොනේඩෝ සුළං තත්වයක් හේතුවෙන් දෙවිනුවර රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ලේ වහලයේ උළු ගැලවී විසිරී ගොස් කැඩීගිය උළු කැට කැබලි වැටීමෙන් දහම් පාසලේ ශිෂ්‍යාවන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 08 July 2018
කඳුළු වායු උණ්ඩ10,000 ගෙන්වීමට ඩෙන්ටර් කැඳවයි කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ. 08 July 2018
අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටස සංවර්ධනය පෞද්ගලික අංශයට අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටසට අයත් කුරුන්චන්තිව් ලුණු ලේවායේ සංවර්ධනය පෞද්ගලික ආයෝජකයකුට පැවරීමට රජය තීරණය කර ඇත. 08 July 2018
හිමිනමකට කඩුවක් පෙන්වා තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට කඩුවක් රැගෙන පාදුක්ක මොරගහතැන්න ශී‍්‍ර මහා විහාරස්ථානයට පැමිණි පුද්ගලයකු විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ට තර්ජනය කළැයි සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි 08 July 2018
ජගත් පුරවර සමුළුවට අගමැති ඇතුළු දූත පිරිස සිංගප්පුරුවට හය වැනි ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස අද (08) උදෑසන 7.52 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වුහ. 08 July 2018
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මෝටර් රියක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල ඉමදූව ආසන්නයේදී සිදු වු අනතුරකින් මෝටර් රියක් ගිනි ගැනීමකට ලක් වී මුළුමනින්ම විනාශ වු බව පොලීසිය පවසයි. 08 July 2018
ඔරුව පෙරැළී විදුහල්පති ඇතුළු සිව් දෙනෙක් අතුරුදන් අම්පාර දමන එක්ගල්ඔය වැවේ ඔරු පැදීමට ගිය නව දෙනකුගෙන් යුත් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරැළිමෙන් ඉන් සිව් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි. 08 July 2018
කෝටි 125 ක හෙරොයින් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 08 July 2018
2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාරයේදී අද සවස පැවැති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය. 07 July 2018
කළුගඟ ජලාශයේ ජලය පිරවීම 23 දා මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සහ ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරෙන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසීය. 07 July 2018
ගුරු මාතාවකට වසර 27කට පසු ස්ථාන මාරුවක් අධ්‍යාපන ඉතිහාසයේ වාර්ථාවක් තබමින් එකම පාසලක වසර 27ක් ගුරු සේවයේ යෙදී සිටි ගුරු මාතාවකට ඇයට ප්‍රථම ස්ථාන මාරුව ලැබී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. 07 July 2018
විජයකලා නායිකාවක් කරමින් යාපනයේ පෝස්ටර් ඇලවේ ස්වයං ලාබ නමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්කර විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය. 07 July 2018
පිටකොටුවේ වෙළඳසල්වල ගින්න මැඩපවත්වයි පිටකොටුවේ ප්‍රධාන වීදියේ වෙළෙඳසල් 2ක හටගත් ගින්නක් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ නාවික හමුදාවේ සහාය ඇතිව මැඩ පැවැත්වූ බව පිටකොටුව පොලිසිය කියයි. 07 July 2018
විජයකලා ගැන ඉදිරි පියවර නීතිපති උපදෙස්වලින් පසු - කතානායක විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබූ වහාම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2018
එෆ්සීඅයිඩී නිලධාරීන් මාරු කිරීම ගැන කොමිසමෙන් විමර්ශන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු හදිසියේ වෙනත් කොට්ඨාසවලට ස්ථාන මාරු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 06 July 2018
පක්ෂෙන් එළෙව්වත් සීමා නිර්ණයට විරුද්ධයි - මන්ත්‍රී සිඩ්නි තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2018
ටයිම්ස් අනාවරණය ගැන ජනපති කොමිසමක් ඉල්ලයි නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතින් හෙළි කළ කරුණු ගැන සොයා බැලීම සඳහා පුළුල් බලතල ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 06 July 2018
ඊ.ටී.අයි ලොක්කන් හතරකගේ රට ගමන් තහනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගියැයි කියන සිද්ධියකට අදාළව ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඞ් මූල්‍යායතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (06) නියෝගයක් නිකුත් කළාය. 06 July 2018
ජපාන අධිකරණ අමාත්‍යංශ තීන්දුව ඉවතට - ලාංකිකයාට සරණාගත භාවය දේශපාලන රැකවල් ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයෙකු සඳහා සරණාගතභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ජපාන අධිකරණ අමාත්‍යාංශය දුන් තීරණය එරට අධිකරණය විසින් අවලංගු කර ඇතැයි එරට පළවන ජපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 06 July 2018
මාධ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පළමු වරට සංවිධානය කරන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ. 06 July 2018
අලුත් මිලට තෙල් ගත් අයට ඉතුරු සල්ලි දෙනවාදැයි අනුර කුමාර ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා විසින් පරණ මිලටම ඉන්ධන ලබා දීමට නියෝග කර ඇති හෙයින් වැඩිවූ මිලට ඉන්ධන ලබාගත් අයට එම වැඩිපුර අයකරගත් මුදල ආපසු ලබා දීමට කටයුතු කරන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) විමසීය. 06 July 2018
ණය උගුලෙන් බේරෙන්න අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි -අගමැති එදා පරාක්‍රමබාහු රජතුමා කුරුඳු වගාකර අපනයනය කර විදේශ විනිමය සොයා පරාක්‍රම සමුද්‍රය හැදුවා වගේ අද තිබෙන ණය උගුලෙන් බේරෙන්න නම් කර්මාන්ත බිහිකර අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පැවසීය. 06 July 2018
ඡන්දෙදි සල්ලි බෙදපු හැටි ඇමැති හෙළිකරයි “ඡන්දයෙදි වැඩියෙන් සල්ලි බෙදුවේ නැගෙනහිර පළාතෙයි. ගිණි පෙට්ටිවල දාලා පන්දහේ කොල බෙදුවා .මෙවා කරපු නායකයෝ මෙතෙන රෙදි ඇඳගෙන කතා කිරීම ලැජ්ජාවක් “ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නිතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026