(කාංචන කුමාර ආරියදාස)
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පෙට්‍රල් බෝම්බයක් සමග සැකපිට රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ වල පදිංචි තව්හිත් ජමාත් සංවිධානයේ නායකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
දින ගණනාවක සිටම ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල මාහිමියන් ගේ ජංගම දුරකථනය හරහා ඇමතුම් ලබා ගනිමින් තමන් තව්හිත් ජමාත් සංවිධානයේ බව පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ, මුදල ලබා නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බව ද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසය ට දැනුම්දී ඇතැයි පොලිසිය කියයි,
පසුව නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් ඉතා සූක්ෂම ලෙස පටිගත කර, ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ් පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයක්ගේ නමට ලියාපදිංචි කර තිබුණු බව පොලිසිය කියයි . එම සිම් පත ලබාගැනීම සදහා මේ පිරිසට දුරකථන පුද්ගලික සමාගමක සේවකයකු ගේ සහයෝගය ලබාගෙන තිබේ ,
මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනකු නා හිමියන් වැඩසිටින පන්සලේ යාබද පන්සලක සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු බව පොලිසිය කියයි ,අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
කප්පම් මුදල් ලබාගැනීම සදහා නා හිමි පාරේ ගමන් කරද්දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවත් ඒ සදහා සිගිරිය ප්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ .
සැකකරුවන් 09 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවුහිද් ජාමත් එකේ සංවිධානයන් කීයක් තියෙනවද කියලා රටේ මිනිස්සු දන්නේ නැහැ. ඉතිං ඔය විදිහට ඕනෑ කෙනෙකුට ඒ සංවිධානය කියලා තර්ජනය කරලා කප්පම් ඉල්ලන්න පුළුවන්... මේ තුන්දෙනා ආනන්තරීය පාප කර්මයකින් යන්තම් බේරුනේ. මොවුන් මෙහෙම කරනවට එල්ලුම් ගහට යවන්න ඕනේ අනිවාර්යයෙන්ම...
කෝටි 10ක් ඉල්ලුවහම හාමුදුරුවෝ ලක්ෂ 5ක් දෙන්නම් යයි කීවේ මන්ද යන්න සැකයට කරුණකි.
වැරදි වැඩක්, ඒත් හිමි සතුව කෝටි 10ක් තිබෙන බව දන්න අයෙක් ඒ ආසන්න මුදලක් ගෙවිය හැකි නිසා නේද කප්පම ඉල්ලන්න ඇත්තනේ? ඒ ගැනත් හිතන්න වෙනවා. නිවන් යන්නද ඔයතරම් මුදල් පොදි ගහන්නේ? අකිල විරාජ් එව්වද දන්නේ නැහැ.... ටිකට් විකුණපු සල්ලි ඉල්ලා...
ඇයි එහෙනම් ඔවුන්ගේ නම් ගම් ප්‍රසිද්ධ නොකරන්නේ?
මට පුදුමේ විෂ්ණු දෙවියන් යනු හින්දු අගමේ එන ප්‍රබල දෙවි කෙනෙක්. මෙම දෙවිවරුන්ගේ නාමයෙන් ඉන්දියාව තුල බෞද්ධාගම විනාශකර වෙහෙර විහාර බිමට සමතලා කර එ් පාදම මතම හින්දු කෝවිල් ඉදිකර අැත. ලංකාව තුළත් හින්දු පාලකයන් එ් දේ සිදුකර අැත. සාධක සහිතව ඔප්පු වී තිබේ. ඉන්දියාවේ විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් බුද්ධාගම විනාශ කළත්. ලංකාව කාලෙන් කාලෙට පාලනය කල හින්දු පාලකයන් බහුතරය වූ බෞද්ධයන්ගේ අවනතභාවය දිනා ගැනීමට බොරුවක් ගොතනවා. ලංකාවේ බුදුසසුන රකින්න විශ්ණු දෙවියන්ට බාර දීලා තියනවා කියලා. එමෙන්ම හින්දු අාගමේ යම් දේවල් මෙරට සංස්කෘතියට මුහු කලා. එ් නිසයි ඉන්දියාවේ එපා වුනු බෞද්ධ පන්සල් තුළ මෙරට හින්දු කෝවිල් ඉදිවෙන්නේ. මේ ඉතිහාසය නොදත් හෝ හිතාමතා අමතක කළ හාමුදුරුවරු එ් හින්දු දේවාලවල භාරකාරත්වය ලබා ගන්නේ අැයි? වහාම සංගායනාවක් තබා හෝ බෞද්ධ දර්ශනය පිරිසිදු කල යුතුයි. අද වැඩිපුරු ඉන්නේ හින්දු බෞද්ධයෝ. දෙවියන් යදින්නේ ඔවුන්...
වත්කම් සොයමු. ගමම සෝදිසි කරමු. දුරකථන ජාලය පරීක්ෂා කරමු. පවුලේ උදවිය අත්අඩංගුවට ගමු. දේපල රාජසන්තක කරමු...