(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (9) දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ඉන්දීය අගමැති මෝදි මහතාගේ අමතර ආරක්ෂාව සඳහා තවත් ගුවන් යානයක් ද අග්‍රාමාත්‍යවරයා ගමන් ගත් ගුවන් යානය අසලින්ම ගමන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමැතිවරු රැසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 59 ක් පැමිණ සිටි අතර ගුවන් යානා දෙකේ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ද විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කේලම් කාරයෝ දත මැදගෙන ඉන්නවා අදෝනා අහන්න....
හැඩය යුතුකමට වැඩ කරන හාදය නිසා..... නිකං පින් මාමල වගේ අත්දෙක වන වන එන්නේ නැහැනේ.. පිට චපාති , පරෝට උළුදු වඩේ ටිකක්වත් ගේන්න ඇතිනේ ...මොකද 225 ම ඉන්නවනේ දියව් දියව් කියාගෙන මුකවාඩම් ගලෝගෙන...
ට්‍රම්ප් තමා යන්න කියන්න ඇත්තේ........
මේ පාර වත්තේ පොල්මුරේ හොඳට කැඩුණා කිව්වද?
මම දැක්ක අපේ ජනාධිපතිතුමා මෝදි අගමැතිට පෙරෙඩ් එකේදී කුඩයක් අල්ලනවා. අමුත්තෙකුට හොඳින් සැලකීම කළයුතු දෙයක්. නමුත් ලංකාවේ ජනාධිපති ලව්වා ඉන්දියාවේ අගමැතිට කුඩේ අල්ලවන්න තරම් පරිපාලකයෝ සහ සංවිධානකරුවෝ කාර්යබහුලද? වැස්සකදීවත් ක්ෂණිකව ක්‍රියා කිරීමේ හැකියාව නැද්ද? ඔහොම වුනොත් හැමදාම බෝම්බ ගහලා යනකම් බලන්න ඉන්න තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඔය කුඩ අල්ලනවා වගේ වීඩියෝ පට අන්තර් ජලයට නොදමා ඉන්න...
ඔන්න බලන්න ඒකෙත් හැටි... ඉන්දියානු අගමැති පිළිගත් වෙලාවේ අපේ හමුදාවෙන් ඉන්දියානු ජාතික ගීය වාදනය කළ වෙලාවේ ඉන්දීය අගමැතිවරයා ඉතා හොඳට තමන්ගේ ජාතික ගීය මුමුණනවා අපි දුටුවා. ඒකට අපේ එක්කෙනා. ලංකාවේ ජාතික ගීය වාදනය වෙන වෙලාවේ නිකන්ම බුම්මාගෙන හිටියා. වචන දන්නේ නැති නිසාද වැඩේ නොදන්නා නිසාද කියන්න බැහැ. ඒ වුණාට දේශපාලන නිපුණත්වය වැඩියෙන් තියෙන්නේ කාළඟද කියලා නම් පෙනීගියා කියලයි කියන්න තියෙන්නේ. ඕක දකින ඉන්දියාවේ අයට කොච්චර සතුටක් දනෙයිද? නේද?