(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල් එස්.තන්ත්‍රි ආරච්චි)

කළුතර දකුණ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකුට අද (07) පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර දකුණ පොලිසිය පැවැසීය.

තුවාල ලැබූ යුද හමුදා සෙබළා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු දොඩංගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියෙකු බව පොලිසිය කියයි.

සැකකරු දුම්රිය ස්ථානය අසල සැකකටයුතු ලෙස රැඳී සිටියදී යුද හමුදා සෙබළා ඔහුව පරීක්ෂා කිරීමට යාමේදී සඟවාගෙන සිටි උල් පිහියකින් ඇණ ඇතැයි පොලිසිය කියයි.

උල් පිහි ප්‍රහාරය සෙබළාගේ වම් උරහිසට වැඳී ඇතැයි පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරටුව - ලුනාව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසියි කීය.