රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (8 වැනිදා) දහවල් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව හමුවට කැඳවූ සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතු මත සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැකිල්ලේ නියෝගයක් දුන්නද දන්නේ නැහැ
ජනතාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය දැනගැනීමට අයිතියක් තියෙනවා.
සියල්ලට වඩා පාර්ලිමේන්තුව උත්තරිතරයි කියපු අය තේරිම් කමිටුවට කැදවිමට විරුද්ධත්වය පලකරනවා. ඔබලා සියලු දෙනා වගකිම් පැහැර හැර අවුරුදු කා ඇති බව පෙනේ ඉතින් යාම හැර කුමක් කරන්නද
කාරක සභා රැස්වීමේදී හෙළි වුනු දෙයක් නම් ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ රාජ්‍ය බුද්ධි අංශයෙන් සහ ජාතික බුද්ධි අංශයෙන් පොලිස්පතිවරයාට ලබා දුන් බුද්ධි තොරතුරු වල සැලකිය යුතු පරස්පර විරෝධී බවක් තිබීමයි. මොහුගේ සේවයෙන් නික්ම යාම එම සිද්ධියට හේතු වුවා විය හැකියි.
මෝඩ දේශපාලන තීරණ අරගෙන රටේ සියලු රහස් ලෝකෙටම එළි කරනකොට කවුද තම රාජකාරිවල ඉන්නෙ? අපේ රට ඉවරෙටම ඉවර කරලයි මේ දේශපාලකයො පස්ස බලන්නේ.
අස්වෙලා හරි කමක් නෑ, ඇත්ත කතා කරන්න රට වෙනුවෙන්.
මේ ප්රශ්නය හරිම සරලයි. බුද්ධි තොරතුරු පිලිබඳ හෙළිදරව්වක් අවශ්‍ය නැහැ. පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් මේ මහා මිනිස් ඝාතනය වලක්වන්නට ක්‍රියා නොකළේ මන්ද? එයට වග කිව යුත්තේ කව්ද? ඉල්ලා අස්වෙලා තම වගකීම් වලින් කාටවත් බැහැ පැනල යන්න.
බුද්ධි තොරතුරු ලොක්කා ඉල්ලා අස්වුණාද, අස්කරාද?
ඔබතුමන් බුද්ධිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. රටේ සිදුවන සියල්ල දැනගැනීමේ අයිතිය ප්රජාතන්ත්ර වාදී රටක වැසියන්ගේ පරම අයිතියකි. බුද්ධිඅංශ නිලධාරීන්ගේ ආරක්ෂාව රැකීමට සියලු පියවරයන් ගෙන ඒ ඒ අංශ වල ඒ ඒ දෙයට වගකිව යුත්තන් ලවා රටේ සිදුවන සියල්ල සියලු වැසියන්ට දැගැනීමට සැලැස් වියයුතුමය. මන්ද ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් තුල විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ජනතාවගෙන් නොවිමසා කිසිවක් නොකළයුතු නිසාය. එනිසා පිරිසිදු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටනම් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුනෙහි සේවය කරන ජනපති ඇතුළු සෑම කෙනෙකුම කරන වරදට අධිකරනය මගින් දඩුවම් කලයුතුය. ඒ සදහා ස්වාධීන කොමිෂන් ඇතිකර තිබීම යහපත් වුවත් තවත් නීති බොහෝ අවශ්‍යය. අද අපේ රටේ පිර්සිදු ප්රජාතන්ත්රවාදයක් නැතිනිසා විධායකය, ව්‍යවස්ථාධායකය හා අධිකරණය යන ආයතන ක්‍රියාකරන අකාරය පිළිබදව පුර්ණ විශ්වාසයක් රටේ මහජනතාව තුල නැත. මන්ද රටේ මහජනතාව කරකියාගත දෙයක් නැතිව අන්ත අසරණ කර බලවතුන් අධර්මය රජකරවයි. ස්වභාවධර්මය ඒ අධර්මිෂ්ට බලවතුන්ට මරණින් මතු දඩුවම් ලබාදෙන බව සියලු ආගමික මෙන්ම බුධිමත් ශාස්තෘන් පසක්කර ඇත.
කට්ටිය සේරම තමන්ගේ වැරදි වහගන්න එක එක කතා කියල මාරු වෙනවා මේකෙන් පෙන්නේ මේගොල්ල ජනපති ඇතුළු කණ්ඩායම මේ සියල්ල දැනගෙන ඉදල තියනවා රනිල් ආණ්ඩුවට අපහාස කිරීම හා ගෙදර යැවීම වෙනුවෙන් මේ ගොල්ල නිහඬවී ඉදල වැඩේ අවුල් වෙන කොට පොලිස්පති හා ආරක්ෂක ලේකම් දෙන්න බිල්ලට දෙන්න හැදුවේ දැන් ඒ දෙන්න ඇත්ත ලෝකෙට හෙළි කරනකොට ඉදිරියේ එන විනාශයෙන් බේරීමට මෙයාල තනතුරු අතාරිනවා රටේ ජනතාව හරක් කියල හිටගන ඉන්නවනම් එක මගහරවා ගන්න දැන් රටම දන්නවා උන සියලු දේ....
සිසිර මෙන්ඩිස් මහතාට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සත්‍යය හෙළිදරව් කිරීම නිසා පළි ගැනීමට ලක් වී ඇති බව පෙනේ. ඔහුට බලපෑම් කර ඇත්නම් එය ප්රජාතන්ත්රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන ලද මරු පහරකි. වහාම ඒ පිළිබඳ වගකිවයුත්තන් සොයා පාර්ලිමේන්තුව මගින් දඬුවම් කොට, පාර්ලිමේන්තුවේ ගොෟරවය රැකගත යුතුය.
මෙතුමාගේ තනතුර " ජාතික බුද්ධි ප්‍රධානී" මිස රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නොවේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී තනතුර "රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක " නම් වේ.
මොකද මෙතුමාටත් පොලිස්පතිතුමාට වගේ ඉල්ලා අස්වෙන්න කිව්වද දන්නේ නෑ. මෙහෙම ගියොත් මහින්ද සමග නඩේ එක්ක තමයි යන්න වෙන්නේ කිව්වලු...
මෙහෙම දක්ෂ, පළපුරුද්ද ඇති නිලධාරින් ඉල්ලා අස්වෙන්න ගියොත් රටට වෙන දේ හිතන්න වත් බෑ.
මේ පලපුරුදු රජයේ නිලධාරීන් කලකිරිලා අපේ රට කොහෙටද යන්නේ?