රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක් රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පාමින් රජයට එරෙහිව සීනිගම දේවාලයේදී හෙට (11) පෙරවරුවේදී දේව කන්නලව්වක් පවත්වා පොල් ගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 10 July 2018
දරුවකුට අතවර කළ පාසල් වෑන් රියදුරාට සිර දඬුවම් ළදරු පාසල් යමින් සිටි බාලවයස්කාර ළමයෙකු අයුතු ලෙස ස්පර්ෂ කොට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වු පාසල් වෑන් රථ රියදුරෙකුට වසර 07ක බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 25,000/-ක දඩයක් අද (10) නියම කළේය. 10 July 2018
ඉන්දීය ධීවරයින් බත්තලගුංඩුව දූපත් ධීවරයින්ගේ ධීවර ආම්පන්න විනාශ කරලා කල්පිටිය බත්තලගුංඩුව දූපත ආසන්න සයුරේ, පසු ගිය සතිය පුරා ඉන්දියන් ධීවර යාත්‍රා සමූහ වශයෙන් පැමිණ කල්පිටිය ධීවරයින්ගේ ලක්ෂ ගණනාවක් වටිනා ධීවර දැල් විනාශ කරමින්, ධීවර කටයුතුවල නිරත වී ,පලා ගිය බවට ධීවර ජනතාව චෝදනා නගති. 10 July 2018
ඇසළ පෙරහර සමයේ කතරගම පුද බිමට පොලීතීන් තහනම් ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ ප්ලාස්ටික්, පොලිතින් හා දිරා නොයන අපද්‍රව්‍ය රැගෙන කතරගම පුදබිමට ඇතුළු වීම සපුරා තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 10 July 2018
නව දීමනාව ඉංජිනේරුවන්ටත් දෙන්නැයි ඉල්ලීමක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට ලබාදීම සඳහා යෝජනා කර ඇති බහුවිධ කළමනාකරණ හා මෙහෙයුම් දීමනාව ඉංජිනේරු සේවයේ වෘත්තිකයින්ට ද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසයි. 10 July 2018
ගායන ශිල්පිනිය ඝාතනයට සැමියා රිමාන්ඩ් ජනප්‍රිය ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ මහත්මියට කතුරක කොටසකින් ඇණ ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද (10) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම 10 July 2018
මත්ද්‍රව්‍ය ජාවාම්කරුවන්ට මරණ දඬුවම දෙන්න කැබිනට් අනුමැතිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අද (10) තීරණය කර ඇත. 10 July 2018
ව්‍යායාම කරමින් සිටි තිදරු මව ගසකට යට වී මරුට මාතර ගොඩගම ප්‍රදේශයේ දී වැස්සත් සමඟ වල් ඇඹරෙල්ලා ගසක් කඩා වැටීමෙන් ශරීර සුවතාවය සදහා සිය සැමියා සමඟ ඇවිදිමින් සිටි 53 හැවිරිදි කාන්තාවක් අද (10) උදෑසන එම ගසට යට වීමෙන් මිය ගොස් ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 10 July 2018
තායි දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයටත් උතුරු තායිලන්තයේ චින්ග් රායි ප්‍රාන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින ඉතිරි දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනයට අද (10) ආරම්භ වී තිබේ. 10 July 2018
‘කුඩු ව්‍යාපාරය නතර කරන්න නීති සම්පාදනය කරනවා’ අපරාධ වැඩිවීමට මූලික හේතුවක් වු කුඩු ව්‍යාපාරය නතර කිරීමට නව නීති සම්පාදනය කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (10) පැවසීය. 10 July 2018
පරිසර ආරක්ෂක බළකායක් සිවිල් ආරක්ෂක බළකායේ කඳවුරු වලින් භටයන් 200 ක් බැගින් තෝරාගෙන පරිසර ආරක්ෂක බළකායක් පිහිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය සැරසෙයි. 10 July 2018
ඔම්බුඩ්ස්මන් ළමාරක්ෂක අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලයි ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම් ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන තමන්ට ලැබුණු පෙත්සම අදාළව සති දෙකක් 10 July 2018
පන්සලේදී පහරදීමකින් පොලිස් සැරයන් මරුට රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මියගොස් ඇතිබව රත්නපුර පොලිසිය පවසයි. 10 July 2018
කල්කුඩා පොලිස් පාලන අංශ ස්ථානාධිපති අල්ලස් දැලේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ තුනක අල්ලසක් ගනිද්දි කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දුෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 10 July 2018
සනත් නිශාන්තට රට යන්න අවසර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට මේ මස 18 ත් 28 ත් අතර කාලයේ දි එංගලන්තයේ රැදි සිටිමට අවසර දෙමින් අද ( 10 දා ) දහවල් අවසර දුන් හලාවත මහාධිකරණ විනිසුරු ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය මෙතෙක් අධිකරණයේ රඳවා ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද ලබා දෙන්නැයි නියෝග කළේය. 10 July 2018
සූරියවැව අලි එලවන්න තෙවරප්පෙරුම ගියාම අලි කලබල සුරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක් ඊයේ (09) රාත්‍රි සුරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වු උණුසුම් තත්වයක් හේතුවෙන් රාත්‍රි 11ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය. 10 July 2018
නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 10 July 2018
අතුරුදන් වු පුත්තලමේ දරුදෙදෙනා කොළඹින් සොයාගනී පුත්තලම කිවුල තරුණ ව්‍යාපාරය ගම්මානයේ අතුරුදහන්ව සිටි ඥාති දරුවන් දෙදෙනකු කොළඹ දි සොයා ගෙන ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 10 July 2018
හොරෙන් සිංගප්පුරු යන්න ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට සිරදඬුවම් සිංගප්පූරු ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමින් ව්‍යාජ ලෙස සැකසූ බි්රතාන්ය ගුවන් ගමන් බලපත් යොදා බි්රතාන්ය බලා ගුවන්ගත වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු 10 July 2018
‘ජපානයේ ආපදාවලින් ලාංකිකයන්ට හානියක් නෑ’ නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නායයාම් ඇතුළු ආපදා වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට තොරතුරු කිසිවක් වාර්තා වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 10 July 2018
තායි දරුවන් 12 දෙනාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ආරාධනාවක් උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තීනෝගෙන් ආරාධනාවක් ලැබී තිබේ. 10 July 2018
වාද්දුවේ බස් අනතුරින් සිව් දෙනෙක් රෝහලේ වාද්දූව ආයුර්වේද හන්දියේ අද (10) පෞද්ගලික බස් රථයක් ගසක අත්තක සහ වාහන දෙකක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසේ හිමියා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය කියයි. 10 July 2018
හිටපු ජනපති කාර්යමණ්ඩල ප්‍රධානි-දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මේ මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 10 July 2018
ගුවනින් ගෙනා හොරොයින් පාර්සලයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් මිලියන තුනක පමණ වටිනාකමකින් යුත් හොරායින් පාර්සලයක් අද (10) කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 10 July 2018
පාතාලයේ තවත් කෙරුමෙක් අත්අඩංගුවට පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් සමඟ ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. 09 July 2018
ගෝල්ඩන් මෑන් බුකර් සම්මානය මයිකල් ඔන්ඩච්චිට ඉන්දීය සාගරයේ කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ උපත ලද විශ්වධර සාහිත්‍යධරයකු වන මයිකල් ඔන්ඩච්චි විසින් රචිත ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ නවකතාව ඉකුත් පනස් වසරක කාලයේදී බිහි වූ හොඳම නවකතාව ලෙසින් සම්මාන ලැබීය. 09 July 2018
ලක්ෂ 27ක රට සල්ලි කටුනායකදී අත්අඩංගුවට විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 09 July 2018
සන්නද්ධ අරගලයක් යළි එපා යයි හිටපු කොටි කියති නැවතත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත අරගලයකට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ප්රජාතන්ත්රවාදී දේශපාලන අරගලයක් කිරීම සිය දේශපාලන ස්ථාවරය බවත් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂයේ නායක කන්දසාමි ඉන්බරාසා මහතා සදහන් කරයි. 09 July 2018
කිවුලේ දරුවන් දෙදෙනකු අතුරුදන් පුත්තලම කිවුල තරුණ ව්‍යාපාරය ගම්මානයේ ඥාති දරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව දරුවන්ගේ දෙමාපියන් පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබේ . 09 July 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ජිප් රථයක් පෙරලීයාමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් හා පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය කියයි. 09 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026