‘ නකල්ස් විකුණන්න දෙන්න බෑ‘ ‘දුම්බර කදුවැටිය හෙවත් නකල්ස් රක්ෂිතය කියන්නේ අපේ රටේ මහා සම්පතක්.ඒ නිසයි එක්සත් ජාතින්ගේ සංවිධානය මේක ලෝක උරුමයක් ලෙස නම් කළේ. රජය මගින් 2000 වසරේ මෙය අධි රක්ෂිතයක් ලෙස නම් කළා. වර්තමානය වන විට ඒ කලාප මායිමේ ඇති රාජ්‍ය වතු ඉඩම්වල අක්කර විසි එක්දහසක් විකුණන්න යනවා.අපේ දිස්ත්‍රික්කයේ සියලු වතුවල මේ ඉඩම් දෙන්න යනවා.‘ මේ නිසා දැවැන්ත පරිසර පද්ධතියක් විනාශයට පත්වන බව නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා පැවසිය. 12 July 2018
සේරුනුවරින් අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් රඳවා ප්‍රශ්න කිරිමට නියෝග රුපියල් කෝටි 12 ට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ඊයේ (11) කන්තලේ සේරුනුවර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙම 17 වැනි දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මුතූර් මහේස්ත්‍රාත් එම් එස් එම් සම්සුඩීන් මහතා අද (12) නියෝග කළේය. 12 July 2018
බස් ගාස්තු වැඩිවන්නේ නැහැ: ගමනාගමන කොමිසම කියයි ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 12 July 2018
ගෝන මස් සමඟ එජාප අපේක්ෂකයෙක් අත්අඩංගුවට පොලොන්නරුව කලහගල ධීවර ගම්මානයේ සිට පොලොන්නරුව දෙසට වියළි ගෝනමස් කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පළාත් පාලන මැතිවරණයට පොලොන්නරුවේ ප්‍රාදේශීය සභාවට තරග කළ (එජප) 12 July 2018
ඉරට්ටපෙරියකුලමින් කොටි අත්බෝම්බයක් හමුවෙයි වව්නියාව, ඉරට්ටපෙරියකුලම අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබි එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්ඩු වර්ගයේ අත්බෝම්බයක් සොයා ගත් බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. 12 July 2018
රත්මලාන වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ඉකුත් 25 වැනි දා කැළණිය යුද හමුදා පොදු සේවා මුලස්ථාන කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුගේ රියදුරු ලෙස සේවය කරන කොප්රල්වරයකුට රත්මලාන චකින්දාරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිට දී වෙඩි තබා 12 July 2018
ඝාතනයට වූ පොලිස් සැරයන් උප පොලිස් පරීක්ෂක නිලයට වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රත්නපුර ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් සිටිය දී එහි සිටි හිමිනමකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම මහතා උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 11 July 2018
ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ පිටපත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාව - සිංගප්පූරු ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ සිංහල පිටපත ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළ ඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 11 July 2018
ලියාපදිංචි නොකළ ඖෂධ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබයි අයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් හෝ ලියාපදිංචියක් නොමැතිව රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ ආලේපන හා සුවඳ විලවුන් නිෂ්පාදනය කර බෙදා හැරීමේ කර්මාන්ත ශාලාවක් වටලා එයට මුද්‍රා තැබීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 11 July 2018
මරණ දඬුවම කෘර සහ වෙනස් කළ නොහැකි දඬුවමක් - ක්ෂමා සංවිධානය කියයි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ නම් එම සැලසුම් හකුළා ගනිමින් මෙතෙක් එම දඬුවම ක්‍රියාත්මක නොකර පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. 11 July 2018
මරණ දඬුවමේ ආරංචියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ බියෙන් වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 07 දෙනාට මරණ දඬුවම ක්රියිත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 11 July 2018
අර්ජුන් ඇලෝසියස්ගේ සිම් කාඩ් ගැන තොරතුරු දෙන්නැයි නියෝග පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් මහතාට අයත් ජාතික හැදුනුම්පත් අංකයට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළව නිකුත් කර ඇති සියලූම සිම් කාඩ්පත් සහ විද්‍යුත් උපාංගවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියෝග කළාය. 11 July 2018
ඥානසාරහිමිට එරෙහි අපහාස චෝදනා පෙත්සමට අදාල ලිඛිත දේශන ගොනු කරන්න අවසර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි අධිකරණ අපහාස චෝදනා පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එහි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයට අද (11) නියෝග කළේය. 11 July 2018
ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ. 11 July 2018
මහරගම බයිසිකලයට එරෙහිව එජාප මන්ත්‍රීවරු අධිකරණයට යති මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ මහාධිකරණයට අද (11) පෙත්සමක් ඉදිරිපත් කළහ. 11 July 2018
‘කෙරවලපිටිය චීනයට දුන්නොත් බිලියන 40ක පාඩුවක්‘ කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීමට රජය ක්‍රියා කිරීම තුළින් රුපියල් බිලියන 40 ක පාඩුවක් සිදුවන බවත් , තවදුරටත් රුපියල අවප්‍රමාණය වුවහොත් එය රුපියල් බිලියන 80 දක්වා වැඩිවිය හැකි බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. 11 July 2018
කෝටි 13ක හෙරොයින් සේරුවාවිලෙන් අල්ලයි සේරුවාවිල ප්‍රදේශයේ ලී මෝලක සඟවා තිබියදී රුපියල් කෝටි 13ක් වටිනා හෙරොයින් කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 11 July 2018
මන්ත්‍රී රහුමාන්ගේ නම විකිණූ පුද්ගලයෙක් අලුත්කඩෙන් අල්ලයි කොළඹින් සුපිරි නිවාස දෙන බව පවසා කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමන් මහතාගේ නම විකුණමින් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (11) උදේ අත්අඬංගුවට ගනු ලැබීය. 11 July 2018
පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බොටම් ට්‍රෝලර් තහනම් පෝක් සමුද්‍ර සන්ධිය ආශ්රිත මුහුදු ප්‍රදේශය සඳහා බොටම් ට්‍රෝලින් මත්ස්‍ය පන්න ක්‍රමය සහිත යාත්‍රා ලියාපදිංචිය තහනම් කිරීමට ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත. 11 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතීපතිගෙන් උපදෙස් පතයි එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි. 11 July 2018
වැලිකඩට හෙරොයින් ගෙන ගිය කත දිවි ඇති තෙක් හිරේට ටෙනිස් බෝලයක දමා වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් තුනක් විසී කිරීමේ හා කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ සීවලීපුර ප්‍රදේශයේ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (11) නියම කළාය. 11 July 2018
තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි මාස දෙකකට වරක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 11 July 2018
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ත්‍රිවිධ හමුදා සහාය ගැනීමට කැබිනට් අනුමැතිය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 11 July 2018
පොලිස් කොමිෂන් සභාවට පළාත් අධ්‍යක්ෂකවරු 10 ක් ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ඒ කොමිෂන් පළාත් අධ්‍යක්ෂකවරුන් 10 දෙනකු පත් කිරීමට තීරණය කර ඇත. 11 July 2018
විජයකලා ගැන කතානායකවරයාගේ තීරණය ලබන සතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තිරණය මැති සබයේදී ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 11 July 2018
ගාල්ල තැපැල් කාර්යාලයේ තැපැල් මලු සඟවලා ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ මාස කිහිපයක සිට සඟවා තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් අද (11) දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් සොයා ගෙන ඇත. 11 July 2018
පාසල් ඇඳුමින් සූදු කෙළියේ යෙදුණු 8 ක් අත්අඩංගුවට පාසල් නිළ ඇඳුමින් මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ පාසල් සිසුන් අට දෙනෙකු අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 July 2018
ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹයි ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 11 July 2018
සිංහරාජයේ අලි දෙන්නාට අලුත් නවාතැනක් සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. 11 July 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026