(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාසය අවසානයේදී කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව ලබන 26 සහ 27 දෙදින ජනාධිපතිවරයා කාම්බෝජයේ සංචාරය කිරීමට නියමිතය. කාම්බෝජ රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරය කරන ජනාධිපතිවරයා ලබන 25 වැනිදා මෙරටින් පිටත්ව යනු ඇත.
සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපතිවරයා ඉකුත් 13 වැනිදා ටජිකිස්ථානයේ පැවති ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සමුළුවකටද සහභාගී වූයේය. ජනාධිපතිවරයා සමඟ 50කට ආසන්න දූත පිරිසක්ද මෙම සංචාරයට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ පයින්ම යන්නට හදනබව දැනගත් විටදී..// හිතුනා අපරාදේ ආවේ අසන්නට උන්දෑගෙන්..// රෙදි කඩමලු දෙකයි මල්ලියේ මම අරන්ගියේ..// ආවේ නොඑන්නට ඔක්කොම අරගෙන යන්න..//
අහිකුණ්ඨක පොරක්නේ, 2015 ඉඳලා ලංකාවේ හිටියට වඩා පිටරට ඉඳලා තියෙන්නේ බලන් යනකොට....
අනේ ජනාධිපතිතුමා මේ පාර යනකොට ගිය පාර වගේ නොවෙයි, අපිට ලැජ්ජා නොකර අඩුම ගානේ 100 දෙනෙක්වත් එක්ක යන්න.
මගේ ඡන්ද දායකයිනි... ඔබට බුදු බව අත්වෙන්න ඕනේ මට කළ පිනට. තව රටවල් කීයක් ඉතිරිවෙලා තියෙනවද දන්නේ නැහැ... සවාරි යන්න. පත්තරේ බලලා තමයි එ්කත් මට දැන ගන්න වෙන්නේ...
ඔබතුමා තජිකිස්තානේ ඉඳලා ආපු නිවුස් එක දැක්කම මම මෙහෙම ලිව්වා. "මීළඟ වතාවේ ඔබතුමා සංචාරයකට යන විට (මම හිතනවා ඉතාම ලඟදි නැවත පිටරට යාවි කියලා) මේ වගේ පොඩි ගණනක්, ඒ කියන්නේ 50ක් විතර ගෙනියන්න එපා. එ්ක ඔබතුමාට ලැජ්ජාවට කරුණක්. අපටත් හිතට මදි... කියලා. අනේ කරුණාකරලා 200ක් වත් මේ ගමන එක්ක යන්න. නැත්නම් අපට හිතට හරිම දුකයි.
පොළොන්නරුවම කොන්ක්‍රීට් කරන්න ඕනේ තව එකෙක් පොළොවෙන් මතුවෙන්න කලින්...
අම්මාපල්ලා මරේ මරු... ඔය ගමන්ම වියට්නාම් පැත්තේ යමුකෝ.. තව ඔය අපේ රට ගැන මෙලෝදෙයක් නොදන්න අර කැරිබියන් දූපත් රටවල් ලස්සනයි. හැත්ත බුරුත්තම එක්ක යමු නේද?
ගෙදර යන්නත් ළඟයිනේ... කොහොමහරි පුළුවන් තරම් විදෙස් සවාරි යනවා. බරපැන මහ ජනතාව දරනවනේ...
යන මගුලක පලයන් තව ටික දවසනේ...
මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි. මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි...
කාම්බෝජය සංචාරයෙන් පසු වෙන රටවල් නැතුව ඇති සංචාරය කරන්න. හැම රටවලටම සංචාරය කරලා අවසන් වගේ... ඒ නිසා දැන් යන්න තියන්නේ දූපත්වලට. එ්කත් ඉතුරු කරන්න එපා. ධුර කාලය නිමවෙන්න කලින්, එ්කත් කරන්න.
ටජිකිස්තානෙට පස්සෙ බලුකිස්තානේ... ඊට පස්සේ කිරිබාති සහ සැමෝවා. ඒවත් බලන්න යන්න හොඳ රටවල්..
එනවා.. යනවා. තව ඉතින් කොයි කාලයක්ද ඉතුරු වෙලා තියෙන්නේ...?
මෙයාගේ රට සාවරි නිසා රුපියල බාල්දු වෙනවා. අනේ මෙහෙම ආසවක් අනේ මෙහෙම තන්හාවක් !
ජනාධිපති වෙලා තියෙන්නේ රට රටවල සවාරි යන්නද කොහෙද.
2019/06/16 දක්වා රටවල් 30 ක තමයි සංචාරය කරලා තියෙන්නේ. ප්‍රතිශතයක් වසයෙන් 15%. අපෝ! තව එ. ජා. පිළිගත් රටවල් 163 ක් විතර තියනවනේ.
අත්‍යවශ්‍යයෙන්ම අපේ රටේ අභිමානය රකින්න කුඩා මාලදිවයිනෙන් ආපු කණ්ඩායමට වැඩිපිරිසක් එක්කලා සංචාරය කල යුතුමයි.
මගේ ඉල්ලේම පිළිගෙන ධුර කාලය ඉවර වීමට කලින් ලෝක සිතියම පෙරලා ගත්තාට ඔබ තුමාට ස්තුතියි. හැබැයි අනික් ඉල්ලීමත් අනේ අමතක කරන්න නම් එපා.. අඩු ගානේ 100 ක් වත් එක්ක යන්න.
අනේ පව් ආසාවනේ
ගෙදර යන්න ඉස්සරවෙලා මහා ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා හැම රටකටම වන්දනාවේ යන්න වගේ. අපේ ලංකාවේ ජීවිතේට පය ගහපු නැති එදා වේල කන්න නැතුව අඳින්න නැතුව හූල්ල හූල්ල ඉන්න අසරණයෝ ජීවත් වෙන පළාත් කොපමනක්නම් ඇත්ද? කලකිරෙනවා ජනාධිපති තුමෝ
කලින් සංචාරයට පිරිවර පමණක් පනහක් බව සදහන්වී තිබුනා. අනේ දෙයි හාමුදුරුවනේ ! මේ රටේ අසරණ මිනිසුන්ගේ මුදල් නේද මේ විනාශ කරන්නේ. පසුගිය දිනෙක මවක් සහ දරුවන් දෙදෙනෙකු කෝච්චියට පැන්නේ කන්න බොන්න විදිහක් නැහැ කියලා. ඒවා මේ අයට ඇසිලාවත් නැහැ. ඒ මදිවාට තවත් රට සවාරියක් දාගෙන. දෙයියන්ටම පෙනීයන් මේවා.
යන්න තියන තැනකට ඉක්මනින් ගිහින් එන්න .අවුලක් නැහැ .අභ්‍යවකාශයට වූනත් කමක් නැහැ .
බැරිද කාටහරි කාම්බෝජයේ ඉන්න කෙනෙකුට කියලා මෙයාව එහෙම තියාගන්න කියලා කියන්න, සකලවාසි සියලුදෙනාගේම සිත සුව පිණිස. එහෙ ඉඳන් මොන අප්රබන්සේ කියෙව්වත් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ , කතා කරන භාෂාව කාටවත් තේරෙන්නේ නැහැනේ. මුල්ලකටවෙලා හිටං.
තව ගිය නැති රටවල් එහෙම තියෙනවද දන්නේ නෑ !!!
රටට හෙන ගැහුවත් ලෝකෙවටේ රවුම් ගහනවා රටේ බිහිවූන නරකම නායකයා විදිහට පත්වෙනවලා ඉවරයි
මේ හැම ආණුඩුවේ අයම ආපු දා ඉදලා හැත්ත බුරුත්ත ඔක්කොම අරගෙන අඹූ දරුවන්ටත් ලංකාවේ මහජන මුදලින් කන්න දී දි ලෝක සවාරි ගැහීමෙන් මෙතෙක් මේ රටට අත්වී ඇති වාසි හා අවාසි පිලිබඳ පිරිවැය ප්රතිලාභ විශ්ලේෂණයක් කරන්න පත්තරේ ලියන අය අතරවත් කෙනෙක් නැද්ද අප්පා.
ආවේ නම් කොහොමද. මේවගේ නිකම්ම ඉඳලා රට කාපු වෙන ජනාධිපති කෙනෙක් නම් නැහැ.
කොන්ද පණ ඇතිව තීරණ ගන්න හැටි එහෙන්වත් ඉගෙන ගෙන එන්න.
මුලදී කිව්වේ කොහේ වත් යන්නේ නැහැ කියලා දැන් හැමතැනම යන්නේ ඊලග පාර එන්නේ නැති නිසාද මන්දා?
ආවෝ - ගියෝ
බලපුවම මහින්ද රාජපක්ෂ මෙයාට වැඩිය ගොඩක් හොදයිනේ.
ලොකු මහත්තයා ළඟ නවනවා නේද ??
මේ ආවා මේ ගියා. තව ඉතින් මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ? ඒ ටිකට ඉතුරු රටවල් සේරම බලාගන්න නම් බැරිවෙන පාටයි.
මම යන්න යනවා නෝනා සංගීත සයුරේ පිහිනා // ඔය ගිටාර් බැන්ජෝ වීනා // හරි මිහිරි හඬක් ගේනා //
ඔව් රටේ ආර්ථිකය පහල වැටිලා මිනිස්සු දුක් විඳින වෙලාවේ , අපේ බදු මුදල් නස්තිකරලා කම්බෝජෙටත් ගිහින් අපිව තව ටිකක්ක කන්න .