චමිල් රූපසිංහ
තෛනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසුයේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ බැහැදැකිම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ මෙසේ පැවසුහ.
පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රහාරයෙන් පසු ඇතැම් මුස්ලිම් ඇමැතිවරුන්ට යම් යම් චෝදනා එල්ල වුවත් සැකයට පාත්‍ර නොවුණ එහෙත් තමාගේ අමාත්‍ය කටයුතු ඉටු කරමින් සිටින මුස්ලිම් අමාත්‍යවරු රජයෙන් ඉවත් විම අනවශ්‍ය බව සංඝයා වහන්සේලාගේ අදහසයි.
එම තීරණය සම්බන්ධව අග්‍රාමාත්‍ය ප්‍රසාදය පල කළ බවත් අපේ රට තුළ ඉදිරි කටයුතු කරගැනිම සදහා සියලු ජාතින් අතර අවිස්වාසයෙන් තොරව සම්බන්ධතාවයක් අවශ්‍ය බවත් ඒ ගැන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බවත් ඉදිරියේදි එම අමාත්‍යවරුන් නායක හිමිවරුන් බැහැදැකීම සදහා පැමිණෙන අවස්ථාවේදි ඔවුන්ට මේ සම්බන්ධව පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවද නියංගොඩ විජිත හිමියෝ පැවැසුහ.
එහිදි රටේ පවතින වත්මන් තත්ත්වය හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අගමැතිවරයා මෙහිදී අනුනාහිමියන් සමඟ පෞද්ගලික සාකච්ඡාවක නිරත විය.
අනුනාහිමියන් සමඟ සංහිදියාව සම්බන්ධව වැදගත් අදහස් ගනනාවත් ඉදිරිපත් කළ එය තමන් අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගෙදර යන්න ලඟයි.. දැන් තමයි සිහිය ටික ටික එලඹිමින් සිටින්නේ. ජනයා රඡයේ ඉඩමි වලින් ද ගෙවල් වලින්ද පන්නා දැමීම , අධික බදු ගැසිමෙන් ද ඡනතාව පෙලන තිරණ ගැනිමෙන් ද දැඩි අප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. රඡයේ රැකියා දිමෙන් ලබා ගන්නා ඡන්ද වලට වඩා ඔවුන්ට පිං පඩි ගෙවිමට බදු ගැසිමෙන් ලක්ෂ ගනන් ඡන්ද අහිමි වන බව තේරැමි නොයාම මහ කරැමයක්.
එකපාරටම නින්දෙන් අවදිවුවාසේ දෙඩිමත් නරකම නැහැ. සෑම දේටම බටහිරින් උපදෙස් ඔවදන් ලාබාගත් අපේ සුත්තර පුංචාට එම එකපාරටම හැදුනු ලෙඩේ මොන හේතුවක් නිසාද ?? කුඹුරු වතුපිටි , හරක බාන පාලුවට ගිහින් නිසා අනිත්‍ය මතකයට ඇවිත් ද ??
මෙම කාලවකවානුවේ අවශ්‍යතාවය වන්නේ සියලු ජනකොටස් වෙනස්කම් හා සමානකම් අවබෝධ කරගෙන සාමයෙන් ජීවත් වෙමට පුරුදු වීම යි. ජාති ආලය සහ ජාතිවාදය අතර වෙනස හරි හැටි දැන ගෙන කටයුතු කිරීම. සැකය පදනම් කොට ගෙන නීතිය අතට ගැනීම භයානකයි.
රටේ පන්සල් වලින් පටන් ගන්න ඕන මිනිස්සුන්ට රට ගැන ආකල්පයක් ඇති කරවන්න. ඒත් සුද්දා මේ රටින් ගියේ පන්සල් බෙදලා... ඒ බෙදීම අවුරුදු 70ක් වෙලත් තාම හදා ගන්න බැහැ. එහෙව් රටක දේශපාලකයින් ඔවුන්ට ඕන විදිහට රට හසුරවන එක ගැන අහන්නත් දෙයක්ද.
දැන් පෙරහැර ගිහින් ඉවරයි තුමෝ... කාවඩි නටන කොටසටවත් දුවලා බලන්න පස්සෙන්...අනාගතේ අපවත් නැති දෙයක් තමයි පේන්න තියෙන්නේ.
මෙතනත් සිදුවන්නේ අමු ප්‍රෝඩාවක්... ඔය කියන ත්‍රෛනිකාය ලංකාවේ සමස්ත බෞද්ධ ජනතාව නියෝජනය කරන්නේ නැත. ඔවුන් ඉදිරිපත් වූයේ රනිල් වෙනුවෙන් ගෙනා යෝජනා රනිල්ගේ වියයුතුය. ඒ නිසයි රනිල් ත්‍රෛනිකායික සංඝයා වහන්සේලාගේ යෝජනා ගැන කතා කරන්නේ... ඇයි අපි මුසල්මානුවන්ට ඇමතිකම් දියයුත්තේ කියා කව්රු හෝ පැහැදිලි කරන්න. මුසල්මානුවන් ආණ්ඩුවට එකතු වුනේ නැතිනම් ඔවුන්ට ඇමතිධුර ලැබෙන්නේ නැත. එසේම රජයට ප්‍රමාණවත් බලය ලැබුණා නම් මොවුන්ට ඇමතිධුර ලැබෙන්නේ නැත. එසේනම් මොවුන් ඇමතිධුරවලින් ඉවත් වුණා කියා අපට ඇති ප්රශ්නය මොකක්ද?
සාමාන්‍ය ජනතාව අපේ හිතේ සංහිඳියාව නොමැතිනම් ඔබ කොහොමද සංහිඳියාවක් අතිකොරන්නේ?
ඔය නායකයොයි.. පණ්ඩිතයෝයි කියන විදිහට හැම දෙයක්ම සිදුවිය යුතුනම්.. ඔබතුමාලා සහ ඔබතුමාගේ ඇමැති මණ්ඩලය මොනවද පාර්ලිමේන්තුවේ කරන්නේ? ඔය වැඩටික කෙලින්ම.. නායකයන්ටයි.. පණ්ඩිතයින්ටයි බාරදීලා... ගෙදර ගියානම්, අපේ රටට හුඟක් සල්ලි ඉතුරු කරගන්නත් පුළුවන් නේද..?