(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ පින්නවල ඓතිහාසික බොල්තුඹේ දේවාලයට කිසියම් පිරිසක් ඇතුල්වී එහි තබූ වටිනා භාණ්ඩ සොරකම්කරගෙන ගොස් ඇතැයි බස්නායක නිලමේ සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා විසින් පින්නවල පොලීසියේ පැමිණිලි කර ඇත.
සෙමරෙහි මිට, ඇත්දළ කැටයම් මිට කෞතුකාගාරයේ ඇති ඔටුන්නේ කරඬුව,සහ කෞතුකාගාරයේ පැවති මුදු 03 ක් සහ මකර තොරණේ පිළිම දෙකක් අස්ථානගතව ඇත.
සෙනසුරාදා ( 08) පෙරවරු දේව පූජාව සඳහා සූදානම් කිරීමට කපු මහත්වරු විසින් දොර විවෘත කිරීමේ දී වම්පස දොරටුව විවෘත කර ඇති බවට තහවුරුවීමේන් පසුව අදාළ අංශ දැනුවත්කර ඇත.
එහි පොලිස් මුරපොලෙහි සේවයේ යොදවා ඇති නිලධාරයාට මේ පිළිබඳව පළමුව දැනුම්දීමෙන් අනතුරුව අදාළ අංශ දැනුම්වත් කර තිබේ.
පින්නවල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. එස් මයුරසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳ සියලු විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි.
( ඡායාරූප-සම්පත් ප්‍රියනන්දන )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාවණා රජතුමාගේ දඬු මොණරය තියෙන්නෙත් මේ දේවාලයේ කියලා අහලා ඇතිනේ...
මුලින්ම බස්නායක නිලමේ සහ භාරකාර මණ්ඩලය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කලයුතුයි, ඔවුන්ගේ සහ පවුලේ අයගෙත්, ඔවුන්ගේ හිතවතුන්ගේත් ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා පරික්ෂා කලානම් සියලු දේ විසදෙයි.
දෙයියන්ටම පෙනීයන්.