(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (9) සවස 4.15 ට පමණ ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා දෙකෙන් ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියහ.
 
ඔවුන්ට සමුදීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.