යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු සාමාජිකයන් සංවිධානය කළ විරෝධතා පාගමන සහ උද්ඝෝෂණය මහරගමදි අද සවස පැවැත්වුණි. 06 August 2025
අලුත් විදුලි පනත හොඳ එකක් නෙමෙයි නව විදුලි පනත විදුලි බල ක්ෂේත්රය ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර සමන්තා ලංකාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියාය. 06 August 2025
හොර ගිනි අවි 08ක් අල්ලයි යුද හමුදාව සහ පොලිසිය දෛනිකව සිදුකරන මෙහෙයුමේදී අද (5) නීති විරෝධී ගිනි අවි 8ක්ද අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි. 06 August 2025
අධ්‍යාපන අනුකාරක සභාව සියලු මන්ත්‍රීන්ට දොර අරියි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 06 August 2025
ධීවරයින්ගේ දිළිඳු බව නැති කරන්න නව ව්‍යාපෘතියක් දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබලගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය ඇක්වා ලයිව්ලිහුඩ් ව්‍යාපෘතිය (AquaLivelihood) හරහා මෙරට ධීවර පවුල් 800ත් 900ත් අතර ප්‍රමාණයකට ඍජුවම දරිද්‍රතාවෙන් මිදීමට අවස්ථාව ලැබෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බව ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පැවසීය. 06 August 2025
සාගල CIDයෙන් පිටව යයි නීති විරෝධීව අත්පත් කරගත් බව කියන දේපොළක් සම්බන්ධනයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් ඇත. 06 August 2025
මහින්දානන්දට - නලින්ට එරෙහි නඩුවේ ලේඛන බාරදෙන්න 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුථ තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ ලේඛන ඇත්නම් සතියක කායලක් තුළ කොළඹ මහාධිකරණයට බාරදෙන ලෙස රහස් පොලිසියේ අධ්යක්ෂවරයාට සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජ 06 August 2025
කෙහෙල්බද්දරින් ගිනි අවියක් හමුවෙයි ගම්පහ කෙහෙල්බද්දර , සියනෑ මාර්ගයේ පිහිටි වෙන්දේසි ඉඩමක වැටක් අද්දර තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 06 August 2025
දේශබන්දු නෙරපයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් අද (6) නෙරපා හරිනු ලැබීය. 06 August 2025
ශිෂ්‍යත්ව පන්ති අද රැයින් පසු තහනම් ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සම්මන්ත්රණ හා ඊට අදාල වෙනත් වැඩසටහන් පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග දෙපාර්තුමේන්තුව කියයි. 06 August 2025
ශෂීන්ද්‍ර 19 තෙක් රිමාන්ඩ් බාරයට මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට අරගල සමයේදී කළ අලාභයකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය. 06 August 2025
ශෂීන්ද්‍ර අධිකරණයට අරගල සමයේදී අලාභයක් කළ මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි පොදු දේපළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී. 06 August 2025
‘රතු ලේබල්’ නැති බහාලුම් 2527ක් නිදහස් අවදානම අවම බවට තෝරාගත් ආනයන බහාලුම් 2527ක් නිදහස් කිරීමට බහාලුම් ගැන සොයා බලන රේගු කමිටුව තීරණය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 August 2025
දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් කඩිනම් කරයි නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 06 August 2025
දරු දැරියන්ගේ සිත් රූ බලන්න ජනපති යයි ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ගොඩනැංවීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ- 2025” ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 06 August 2025
ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට ජේ.වී.පී උදවිය ඉතිහාසයේ සිට කළේ ට්‍රාන්පෝමර් පුපුරවා රට අන්ධකාරයට ඇද දැමීම බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
ධවල මන්දිර වහලේ සිට ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ වහලයේ සිට, පහළ රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතුවේය. 06 August 2025
කලාපයේ අඩුම විදුලි බිල ඇති රට කිරීම අපේ අරමුණයි වගකිව යුතු රජයක් කළ යුත්තේ කලාපයේ අඩුම මිල සහිත විදුලිය ලබාදෙන රට බවට පත් කිරීම යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
පස් කන්දක් කඩා වැටී 5ක් රෝහලේ මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් 5 දෙනකු මතට තවත් පස් කන්දක් කඩා වැටීමෙන් යට වී සිටි පිරිස මුදා ගෙන රෝහල් ගත කිරිමට අවට පදිංචිකරුවෝ අද (06) සමත්වූහ. 06 August 2025
කෝපා සභාපති ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති අරවින්ද සෙනරත් මහතා(ජා.ජ.බ)පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 06 August 2025
සූර්වී රිය පැදවූ පීසී සිසුවියක් හප්පලා බීමතින් කැබ් රථයක් පදවා 16 හැවිරිදි පාසල් සිසුවියක හප්පා තුවාල සිදු කළ බව කියන වවුනියාව පොලිසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන්වරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඇට වීර ගොල්ලෑව පොලිසිය පවසයි. 06 August 2025
ලොකු ලූනු වලට අවම මිලක් ඉල්ලයි ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී අවම මිලක් නියම කරන්නැයි ලූනු ගොවීහු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළහ. 06 August 2025
ධීවර සංස්ථාවට වැලි කණින යන්ත්‍රයක් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2025
ශෂින්ද්‍ර අත්අඩංගුවට මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙරදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. 06 August 2025
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ව්‍යාපෘතියක් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2025
ණයට දුන් මුදල යළි ඉල්ලුවැයි ඝාතනය කරලා මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මිතුරා එල්ල කළ පිහි පහරකින් අනෙක් මිතුරා මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි. 06 August 2025
මිලියන 23ක කේරළ ගංජා යාපනයෙන් හමුවෙයි යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තිබී කේරළ ගංජා විශාල තොගයක් සොයා ගත් බව නාවික හමුදාව සදහන් කරයි. 06 August 2025
ගීතයේ අයිතිය ගැන නීති සංශෝධනය කරන්නැයි ගායක සංගමය ඉල්ලයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 06 August 2025
සවස තැනින් තැනට වැසි තත්වයක් බස්නාහිර, සබරගමව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026