පිටකොටුව බස් නැවතුම සංවර්ධනය ගුවන් හමුදාවට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දුට වෙච්ච වැඩේ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක් දේශපාලකයන්ගෙන් වැරදි තීන්දු ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට දේශබන්දුට අත්වූ ඉරණම හොඳ පාඩමක් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2025
හරක් කටාගේ පෑන ගත්තයි SIට මරණ තර්ජන ’’උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්’’ යනුවෙන් පරුෂ වචනයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා බැණ වැදි තර්ජනය කළ බව පවසමින් 05 August 2025
කුළු බඩු ප්‍රති අපනයනය සමාගම් හතරකට අනුමැතිය තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ’ අනුමත ව්‍යවසාය ’ තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
හිටපු ජනාධිපති ලේකම් CIDයට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (5) කැදවා ඇත. 05 August 2025
කෝටියක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් උතුරේ සිට අනුරාධපුරයට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනකු ගංජා සහ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 05 August 2025
රජයේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ. 05 August 2025
රිය අනතුරින් තරුණයෙක් මරුට කොළඹ - මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ 14 හන්දිය ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයක් රැගෙන ගිය ට්‍රැක්ටරයකට , යතුරු පැදියක ගමන්ගත් 23 හැවිරිදි තරුණයෙකු යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි. 05 August 2025
මන්ත්‍රී රක්ෂණාවරණය අඩු කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දුට එරෙහි විවාදය ඇරඹේ ඇරඹුමේ සිටම විෂමාචාර්ය ක්‍රියා රැසකට වගකිවයුතු රටේ අපකීර්තිමත්ම පොලිස් නිලධාරියකු වූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් ඉවත් කිරීම ඓතිහාසිකා අවස්ථාවක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 August 2025
දේශපාලන උවමනා මත යෞවන සමාජ නිලධාරීන් පත් කරලා ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 August 2025
යෞවන සමාජ දේශපාලනීකරණය නොකරන්නැයි විරෝධයක් යෞවන සමාජ දේශපාලනිිකරණය කිරීමට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (05) පෙරවරුවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. 05 August 2025
පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන් අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 05 August 2025
අනුරාධපුරයට නාගරික උද්‍යානයක් අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. 05 August 2025
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි ධූරකාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. 05 August 2025
දියේ ගිලී තරුණයෙක් මරුට තලවකැලේ ළිදුල ලෝගි වතුයායේ වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මියගෙස් ඇතැයි ළිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 05 August 2025
ටිකට් නොදෙන කොන්දොස්තරලාට දැඩි දඬුවම් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ මහතා පැවසීය. 05 August 2025
වෛද්‍යවරයාගේ බෑගයේ උණ්ඩ සහිත පතුරොම් ගැබක් ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ බෑගයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 8 ක් සහිත පතුරන් ගැබක් සොයා ගත් බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. 05 August 2025
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 August 2025
සූදූ ක්‍රීඩා කළ ඉන්දීය තරුණියන් තුනක ඇතුළු 20ක් මාට්ටු අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුණු ඉන්දීය ජාතික තරුණියන තිදෙනකු ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 05 August 2025
පොහොට්ටුවේ කට්ටියක් නාමල් එක්ක සාකච්ඡා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. 05 August 2025
දේශබන්දු නෙරපන විවාදය අද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 05 August 2025
දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය. 05 August 2025
ඇමෙරිකා බෞද්ධ දූත පිරිස අගමැතිනිය හමුවෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුමට ශ්‍රී ලංකාවේ සහාය පළකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇමෙරිකා බෞද්ධ දූත පිරිස හමුවේ පැවසුවාය. 04 August 2025
ප්රජාතන්ත්රවාදී යෞවන සමාජ නිලවරණ පැවැත්වුවා දිස්ත්‍රික් යෞවන සමාජ බලමණ්ඩලවලට ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයට රහස් ඡන්ද පවත්වා තරුණ තරුණියන් පත්කිරීමට කටයුතු කළ බවත් වැලේවැල් නැති විපක්ෂය ඒ පිළිබඳව වෙනත් මතයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (4) පැවසීය. 04 August 2025
නීතී විරෝධීව ගෙනා ඖෂධ - එන්නත් තොගයක් අල්ලයි නීතී විරෝධීව තීරු බදු රහිතව මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මිළ කළ නොහැකි වටිනාකමින් යුතු ඖෂධ හා එන්නත් විශාල තොගයක්, කල්පිටිය කන්ද කුලිය මුනේ දූපතේ වසා දමන ලද මා දැල් වාඩියක ගබඩා කර තිබියදී කල්පිටිය පොලිසිය විසින් අද (4) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 04 August 2025
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් මාට්ටු මිනුවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ සිදුකල හදිසි වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අපරාධ සදහා භාවිතා කළ බවට සැකකෙරෙන යතුරු පැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි. 04 August 2025
මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළදී නගරයේ සියලු වීදි වැසී යන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කොට ඇති බව පොලිසිය කියයි. 04 August 2025
සජබ මන්ත්‍රීගේ සූදු පොළ වටලයි ඉපලෝගම ප්‍රාදේශීය සභා සභිකයකු පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලු පොලිසිය ප්‍රාදේශීය සභා සභීකයකු ඇතුලු පුද්ගලයන් 15 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. 04 August 2025
පොලිස් නිලධාරීන් 35කට ස්ථාන මාරු පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 ක් උදෙසා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 04 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026