සජිත්ට පක්ෂයේ ඉඩක් නැති බව රවී කියයි පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති ඒවා මෙහෙයවන්නට හැකි නායකයෙක්. අපි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා යැයි විදුලිබල හා පුනර්ජීව බලශක්ති අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවසීය. 14 July 2019
‘එජාපයේ ජනප්‍රියම පුද්ගලයා ජනපති අපේක්ෂකයා විය යුතුයි’ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්විය යුත්තේ බිම් මට්ටමේ ශාඛාවල සාමාජිකයින් යෝජනා කරන, පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද(14) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පාක්ෂිකයින් පිරිසක් අමතමින් පැවසීය. 14 July 2019
‘මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා’ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) ඇඹිලිපිටියේ දී පැවසීය. 14 July 2019
කැබ් රථයක් පෙරළී සෙබළෙක් මරුට - 7කට තුවාල මුල්ලියාවේලි කේපාපිලව් කඳවුරුට අයත් කැබ් රථයක් අද(14) පෙරළීමෙන් සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 14 July 2019
ප්‍රහාරයක් වන බව පැවසූ අයෙක් අත්අඩංගුවට කොළඹට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි දුරකථන අංකය(119) ට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු අද (14) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි. 14 July 2019
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැගව සිටි අයෙකු නිවෙසියෙකුට අද (14) අලුයම වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි. 14 July 2019
හැටන් කාන්තා සම්මේලනයේ මුලසුන ජලනි ප්‍රේමදාසට ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී පැවැත්විය. 13 July 2019
බොරලැස්ගමුවේ මත් සාදයක් වටලයි බොරලැස්ගමුව අබේරත්න මාවතේ රතනාරාම පාරේ නිවසක් තුළ මත් සාදයක් පැවැත් වූ තරුණ තරුණියන් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත්බව බොරලැස්ගමුව පොලීසිය කියයි. 13 July 2019
බිළිඳා වළ දමා මියගිය කාන්තාව ගැන විමර්ශනයකට නියෝගයක් අලුත උපන් බිළිඳා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා අද (13) හැටන් පොලිසියට නියෝග කළේය. 13 July 2019
මුහුදු රළට හසුවී දැරියක් මරුට හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් විනෝදවෙමින් සිටි මවක හා දරු තිදෙනෙකු මුහුදට ගසා ගෙන ගියත් ඉන් දරු දෙදෙනෙකු හා මවගේ ජීවිතය බේරා ගත හැකිවූ අතර ඔවුන් අතර සිටි සිඟිති දැරියක් මුහුදෙහි ගිලි මිය ගිය බව හලාවත පොලිසිය කියයි. 13 July 2019
බිළිඳා ඝාතනය කළැයි සැකපිට මව අත්අඩංගුවට උපන් හැටියේ බිළිඳෙකුගේ මුව වසා ශ්වසනය අවහිර කර ඝාතනය කළේ යැයි සැකපිට එම බිළිදාගේ මව බදුල්ල පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 13 July 2019
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (12) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 13 July 2019
බදියුදීන්ට ඇමතිධූරය දෙනවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය. 12 July 2019
සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී අද (12) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 12 July 2019
ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගය අද (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේ දී කතානායකවරයාට දැනුම් දෙන බව නිවේදනය කළේය. 12 July 2019
හේමසිරි-පූජිත වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12හි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී නොසිටින බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) නිල වශයෙන් දැනුම් දුන්නේය. 12 July 2019
ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම කලින් අවසන් වෙයි නියමිත ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තු රැස්වීම පැය 2 යි විනාඩි 15කට පෙර අවසන් විය. 12 July 2019
දැවෙන විහඟුන් අද සිට යළි තිරයේ “7 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 5 ක් හිමිකරගත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’(Burning Birds) චිත්‍රපටය ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් වතාවක් අද (12) සිට සීමිත සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. 12 July 2019
‘බදියුදීන්ට ඇමතිකම දුන්නොත් යළි විශ්වාසභංගයක් ගෙනෙනවා’ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ’ලංකාදීප’යට පැවැසූහ. 12 July 2019
තවත් දුම්රිය වර්ජනයක් අත ළඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම අනියම් ආදේශක සේවකයන් වහා ස්ථිර නොකළහොත් තවත් දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම්ව සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි. 12 July 2019
පාස්කු ප්‍රහාරයේ පෙත්සම ගැන විරෝධතා ගොනු කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ලබන 18 හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද(12) නියෝග කළේය. 12 July 2019
හේමසිරි - පූජිත්ගේ පෙත්සම් 11 ට සළකා බැලෙයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) පෙරවරු 11 ට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලීමට නියමිතය. 12 July 2019
කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත. 12 July 2019
රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසති. 11 July 2019
රිෂාඩ්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සතොස ආයතනයට රුපියල් මිලියන 5000ක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (11) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 11 July 2019
යළි ඇමැතිධූර ලබා ගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරු තීරණය කරති අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට අද (11) රාත්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා ලංකාදීපයට පැවැසීය. 11 July 2019
මහපොළ සභාපති කෝප් කමිටුව හමුවට ජයන්ත ජයසූරිය මහතා හෙට(12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවීමට එම සභාව තීරණය කර ඇතැයි ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. 11 July 2019
බස්නාහිර පළාත් සභාවේ සභාපති පොහොට්ටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා අද (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය. 11 July 2019
හජ්ජි වන්දනාව සඳහා ලංකාවට ලබාදෙන වීසා ප්‍රමාණය වැඩිකෙරේ වාර්ෂිකව හජ්ජි වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන 3500යේ හජ්ජි වීසා කෝටා එකට අමතරව මේ වසරේදී තවත් අලුතින් විසා 500ක් ලබාදීමට සෞදි අරාබි රජය කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පවසයි. 11 July 2019
විශ්වාස භංගයෙන් ආණ්ඩුව ජයගනී ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් විය. 11 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026