‘‘ජනපති - සජිත් අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් නෙවෙයි‘‘ ජනාධිපතිවරයා සහ ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් යැයි තමා නොසිතන බවත් සජිත් ප්‍රේමදාස මහතාට යම් යම් ක්ෂේත්රයන් බාරදුන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව ඇති වූ අගැයීම හේතුවෙන් මේ ප්‍රේමය ඇති වී ඇතැයි තමා සිතන බවත් ඩිලාන් පෙරේරා මහතා අද (16) බදුල්ලේදී පැවසීය. 16 July 2019
ඒඩ්ස් තුරන් කරන්න ගෝලීයව ගත් ක්‍රියාමාර්ග අඩපණ වෙමින් යයි එච්.අයි.වී. ආශ්රිත මරණ ගණන 770,000 ක් දක්වා අඩු වී ඇති නමුත් අරමුදල් නොලැබීම හේතුවෙන් රෝගය තුරන් කිරීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග අඩපණ වෙමින් තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 16 July 2019
තැපැල් වර්ජනය ඇරැඹෙයි ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද(16) පස්වරු 4.00 සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. 16 July 2019
සූදු පිටියක් වැටලීමට ගිය පොලිසියේ දෙදෙනෙකුට තුවාල දොඩංගොඩ - බෝම්බුවල තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය දොඩංගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 16 July 2019
රණවිරු බළකාය ගෝඨා ඉල්ලයි රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. 16 July 2019
‘ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට මැකෝත් උදව් කරනවා’ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශයෙන් වැටහෙන්නේ ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට ඔහුත් උදව් කරන බව යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පැවැසීය. 16 July 2019
ජල විදුලිය නිපදවීම සියයට 10 කින් පහළ බසී ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සහ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා පැවසීය. 16 July 2019
ඩෙටනේටර් 297 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල් 290 ක් සොයා ගත් බව පොලිසිය පැවැසීය. 15 July 2019
‘‘ගමේ මිනිස්සු ඉන්නේ සජිත් එක්ක‘” ආර්යාව භාර්යාව කතාවක් අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට සමාජ ජාලවලින් විනාශයක් කිරීමට උත්සාහ කළද ගමේ මිනිස්සුන්ට එය ප්‍රශ්නයක් නොවන බවත් ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (15) බදුල්ලේදී පැවසීය. 15 July 2019
පොලිස් නිලධාරියෙකුට පහරදුන්නැයි යටිනුවර ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ් රථවාහන රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර තුසිත වලගෙදර මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා අද (15) නියෝග කළේය. 15 July 2019
‘‘උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි‘” ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී පැවසූහ. 15 July 2019
විල්පත්තු නඩුව ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් කරුණු විමසන්නැයි නියෝග විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු, කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට පැවසෙන තොරතුරුවල සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ලබන සිකුරාදා (19) අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියම කළේය. 15 July 2019
පානදුර - උතුර ඕඅයිසීගේ වැඩ තහනම් ටී - 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 July 2019
කළුතර ප්‍රා. සබේ මන්ත්‍රී ඇතුළු 9 ක් අත්අඩංගුවට මොරොන්තුඩුව කුඩාගෝනදුවසහ තුඩුවප්රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කිරීම සහ කාන්තාවකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභා පොදුජන පෙරමුණ මන්ත්‍රී මනෝජ් ඒකනායක මහතා ඇතුළු නවදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි. 15 July 2019
විශ්වාසභංගයට ටීඑන්ඒ එරෙහිවීම ගැන සම්බන්ධන් කියයි දෙමළ ජනතාවට කෲර අන්දමින් සැළකූ පාලනයක් ගෙනගිය විනාශකරී ඒකාධිපති පාලනයකට නැවතත් ඉඩ තැබිය නොහැකි හෙයින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 15 July 2019
සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. 15 July 2019
තඹ කම්හලේ සිද්ධියේ සැකකරු 29 තෙක් රිමාන්ඩ් වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 29 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 15 July 2019
පොහොට්ටුවේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 දා එළිදකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (15) පැවසීය. 15 July 2019
‘ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම රජයේ අරමුණයි’ ඊළඟ වසර දෙක ඇතුළත ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) යාපනයේ දී පැවසීය. 15 July 2019
තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය. 15 July 2019
පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුමේ තීන්දු නියෝගය බදාදා ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ පැමිණිල්ලේ තීන්දු නියෝගය ජුලි 17 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය. 15 July 2019
2020න් පසු ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් ලබන 2020 වසරෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීපය‘ට පැවැසීය. 14 July 2019
ජනපති - මැකෝ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. 14 July 2019
වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අනිද්දා මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අනිද්දා (16) රාත්‍රියේ ලාංකිකයන්ට දැකබලාගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 14 July 2019
‘බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි ’ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිදොස් කර ඇති හෙයින් පාර්ලිමේන්තුවද ඒ වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රියා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය කින්නයාහිදී අද(14) පැවසීය. 14 July 2019
ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවෙන් නව නීති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව එළඹෙන අගෝස්තු මාසයේදී පළමුවැනි පාර්ලිමේන්තු සතියේදී නව නීති විශාල ප්‍රමාණයක් සහිත සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පැවසීය. 14 July 2019
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ, අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 3 කට දීර්ඝ කර ඇත 14 July 2019
මොළේ උණ රෝගයකින් මළ අයෙකු අදම භූමිදාන කිරීමට නියෝග මෙනින්ජියෝ කොකල් මෙනින්ජයිටිස් (Meningio cocoal Meningities) නමැති මොළයේ උණ රෝගයෙන් මිය ගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණය කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය, මළ සිරුර අද(14) දින ම බොරැල්ල සුසාන භූමියේ දී භූමිදානය කරන්නැයි පොලිසියට නියෝග කළාය. 14 July 2019
රන්ජන් රාමනායක මහා සංඝරත්නයෙන් සමාව ගත යුතුයි සංඝයා වහන්සේලාට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම ගැන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 14 July 2019
ලක්ෂ 88 ක රට නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මාලිගාවත්ත පොලිස් මාර්ග බාධකයේ දී සැකසහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 88 ක් පමණ වටිනා විදෙස් මුදල් නෝට්ටු තොගයක් සොයා ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 14 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026