වළ දමා තිබූ තවත් රෝහල් අපද්‍රව්‍ය තොගයක් සොයාගනී රෝහල් අපද්‍රව්‍ය බවට සැක කරනු ලබන අපද්‍රව්‍ය තොගයක් වළ දමා තිබූ ස්ථානයක් හම්බන්තොට ගොන්නෝරුව හැඩිල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ. 15 August 2019
එජාප සන්ධානය පිහිටුවන දිනයේම ජනපති අපේක්ෂකයා නම් කරනවා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනයේදීම පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ද නම් කරන බව එම පක්ෂයේ සභාපති, මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(15) කොළඹදී පැවසීය. 15 August 2019
‘‘කාන්තාවන් වඳ භාවයට පත් කළේදැයි දැන ගන්න විශේෂඥ පරීක්ෂණයක් අවශ්‍යයි‘‘ වෛද්‍ය සාෆිගේ සිද්ධියට අදාළව කාන්තාවන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ 1000 ක් පමණ ලබාගෙන තිබෙන බවත් ඒ සියල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 August 2019
වැසි - සුළං හේතුවෙන් 12000ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක පවුල් 3110කට අයත් 12,343 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 August 2019
සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප්‍රකාශයක් දුන්නාය. 15 August 2019
‘ආනමාලු රංග' ඇතුළු පාතාල සාමාජිකයන් දෙදෙනෙක් ඝාතනය කරලා ’ආනමාලු රංග’ නමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසානභූමියේදී ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 August 2019
පොහොට්ටුවට සහය දක්වන බව ඩග්ලස් කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බව ඊ. පී. ඩී. පී. පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්ද මහතා අද(15) ලංකාදීපයට පැවසීය. 15 August 2019
‘ජනපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත්වෙනවා’ එළඹෙන ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (15) පැවසීය. 15 August 2019
රුසියානු ගුවන් යානයක කුරුලු රංචුවක් ගැටෙයි - මගීන් 23කට තුවාල කුරුලු රංචුවවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 August 2019
තියුණු ආයුධ වලින් පහරදී මට්ටක්කුලියේ දෙදෙනෙක් ඝාතනය කරති මට්ටක්කුලිය මාදම්පිටිය සුසාන භූමිය අසල දී අවමඟුලකට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධ පහරකට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමට යාමේදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 15 August 2019
ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 15 August 2019
‘කිසිදු දේශපාලන පක්ෂයක් අලුතින් ලියාපදිංචි කරන්නේ නැහැ’ නීතිමය බාධාවක් පවතින හෙයින් කිසිදු දේශපාලන පක්ෂයක් අලුතින් ලියාපදිංචි කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 15 August 2019
‘තමන්ට විරුද්ධ අය මැරෙන, පක්ෂ අය ජීවත්වන යුගයක් නැවත නිර්මාණය කළ යුතුද?’ තමන්ට විරුද්ධ අය මැරෙන්නත් පක්ෂ අය ජීවත්වන්නත් සිදුවන යුගයක් නැවත නිර්මාණය කළ යුතුදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) යාපනයේදී පැවසීය. 15 August 2019
පෙරටුගාමී පක්ෂයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් මෙවර 2020 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මධ්‍යම කමිටුව මේ වනවිටත් කටයුතු කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (15) පැවසීය. 15 August 2019
යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8.5 ක් ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය පල කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8.5ක් ලබාදීමට තීරණය කර තිබේ. 15 August 2019
සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ජමාතේ මිල්ලතේ ඉබ්රාහීම් නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් අම්පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 August 2019
පළාත් මැතිවරණය ගැන තීන්දුවට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපතිවරයා යොමුකර ඇති අයැදුම්පත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත. 15 August 2019
හොඳම මිතුරා කප්පම්කාරයෙක් වෙයි විවාහ මංගල්‍ය කඩාකප්පල් කරන බව පවසා තරුණයෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගැනීමට පැමිණි ගස් කපන්නෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු බණ්ඩාරගමදි අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. 15 August 2019
නවාතැන් හිමිකරුගේ පහරින් සරසවි සිසුවිය රෝහලේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල සම්පත් කළමණාකරන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඇය නවාතැන් ගෙන සිටින ස්ථානයේ හිමිකරු පහර දුන්නේයැයි පැමිණිල්ලක් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 15 August 2019
වැව් තාවුල්ලේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය යළි ගොඩගනී සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඉබ්බන් වැව් තාවුල්ලේ සමගිපුර ඉඩමක හොර රහසේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය තොගයක් නැවත ගොඩගෙන වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටි ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 15 August 2019
මැතිවරණ සඳහා වෙනමම අධිකරණයක් ඉල්ලයි මැතිවරණ සඳහා පවත්නා නඩු විභාග කිරීමට වෙනමම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (14) පැවසීය. 14 August 2019
‘‘ජනපති ධූරය දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකියි‘‘ ජනාධිපති ධූරය වැනි භාරදූර තනතුරක් දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි මහත්මයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම තනතුර දැරීමට තමුන් සුදුසු බව මුළු රටටම ඔප්පු කර පෙන්වීමේන් පසුව බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පැවසූහ. 14 August 2019
ටීඑන්ඒ තීරණය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ලස් නිර්මලනාදන් මහතා ලංකාදිපයට පැවසීය. 14 August 2019
දිවයින පුරා අලි සමීක්ෂණයක් දීප ව්‍යාප්තව වන අලීන් සමීක්ෂණයක් සිදු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 14 August 2019
කළුගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 14 August 2019
අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය. 14 August 2019
උදලු මිට පහරින් මියගිය පුතු බලන්න පියා බන්ධනාගාරයෙන් රැගෙන එයි පියාගේ උදලු මිට පහර වැදී මිය ගිය පාසැල් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට, මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පියා විශේෂ අවසරයකින් අද (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් බලන්ගොඩ මස්සැන්නේ දේහය තැන්පත් කර ඇති නිවසට රැගෙන එනු ලැබීය. 14 August 2019
කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සදහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 August 2019
'ජනතාවගේ ගැටළු ගැන මට වැටහීමක් තියෙනවා' ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය. 14 August 2019
සජිත්ගේ ඊළඟ රැස්වීම් මාතර සහ මාතලේදී ‘‘සජිත් එනවා’’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැළසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ ඊළඟ රැළි දෙක මාතර සහ මාතලේ දිස්ත්‍රික්ක ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිතය. 14 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026