(ඩයනා උදයංගනී)
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16) දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය දක්වා ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදුයාමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දී තිබේ.
දැනට ධීවර කටයුතුවල නිරතවෙමින් සිටින අය වේ නම් වහාම ගොඩබිම් හෝ ආරක්‍ෂිත ප‍්‍රදේශයන්ට පැමිණෙන ලෙස දැනුම්දීමක් කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ හේතුවෙන් ඉදිරි දිනවල දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයන්හි මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්