(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා සෞඛ්‍යාරක්‍ෂිතව හා විධිමත්ව පවත්වාගෙනයාම සදහා මගී ප‍්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.
මෙම ප‍්‍රවාහන සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායේ සභාපතිවරා ලෙස අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර ඇත.
මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා පත්කර ඇති අතර එය සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතය.
සියලූම පොදු ප‍්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් ක‍්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා මෙම ප‍්‍රවාහණ සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය පත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කොවිඞ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාව වෙත හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම තුළින් පොදු ප‍්‍රවාහන සේවා ඔස්සේ කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමත් මෙම බලකාය පත්කිරීමේ අරමුණු බව ද ඇමතිවරයා සදහන් කළේය.
බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රිය සාමාන්‍යාධිකාරි, ලංකා ගමනාමගන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද, පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවල සභාපතිවරු ද මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු ද මෙම බලකායට ඇතුළත් වේ.
මහජනතාවට ප‍්‍රවාහණ සේවාවන් සම්බන්ධයෙන් කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති (011 2187233), මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය (011-2187200) හා ලේකම් (0714410568) යන දුරකතන අංක ඔස්සේත්, 011- 2865093 යන ෆැක්ස් අංකය මගිනුත් ඒ බව දැනුම් දිය හැක.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ප්රවාහන සේවා විධිමත්ව පවත්වාගැනීමට කාර්ය සාධක බලකායක්
Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 02:47 AM
වසංගත තත්වය අවසන් වනතෙක් ... යනුවෙන් මෙහි සඳහන් වෙනවා.ඒ කියන්නේ නැවතත් පෙර පරිදිම පොල් පටවනවා වගේ, වව්ලන්ව වගේ එල්ලාගෙන යන්න ඉඩදෙනවා කියන එකද ? කරුණාකර මගීන්ට ගෞරවාන්විතව ආසනයක වාඩිවී ගමනක් බිමනක් යාමට ඉඩ ලබා දෙන්න.මිනිසුන් පිනට යනවා නොවෙයි. දේශපාලකයන් ජනතා මුදලින් අධි සුඛෝපබෝගී යාන වාහනවල යනවා.බස් බොඩි ගැසූ ඉන්දියානු ලොරියක මුදල් ගෙවා වාඩිවී යාමේ අයිතියවත් මගියෙකුට තිබිය යුතුයි නේද?