IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදාවෙන් නිරෝධායනය කල 180 ක් නිවෙස් වෙතට

රොමේෂ් මධුෂංඛ

කොවීඩ් -19 වයිරසයේ අවදානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියෝ 180 දෙනෙක් අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමන්ගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාකොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ නායකත්වයෙන් වන්නි ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර දින 16 ක් පුරාවට එම පිරිස් නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව අද (15) දින මෙසේ සිය නිවෙස් වෙතට රැගෙන යාමට වන්නි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පියවර ගත්හ.

අනුරාධාපුර , කුරුණැගල, පොල්ගහවෙල, අලව්ව ආදී ප්‍රදේශයන්හි සිට කොරෝනා වයිරසයේ අවදානමට ලක් වූ පිරිස් වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනය සිදු කල අතර එහිදී සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කර කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් අනතුරුව මෙසේ නිවෙස් වෙතට රැගෙන යන ලදි.

නිරෝධායනය කාල සීමාව තුලදී ගුවන් හමුදා නිලධාරීන් විසින් අවශ්‍ය සියලුම පහසුකම් තමන්ට ලබා දුන් බවටත් වයිරසයේ අවදානමට ලක් වූ සියලුම ශ්‍රීලාංකිකයින් නිරෝධායනය වෙනුවෙන් සහය ලබා දෙන ලෙසටද අද දිනයේදී නිරෝධායනය අවසන් වී නිවෙස් වෙතට යන පිරිස් වැඩි දුරටත් පැවසූහ.



අදහස් (0)

ගුවන් හමුදාවෙන් නිරෝධායනය කල 180 ක් නිවෙස් වෙතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 134 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 683 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site