( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
මැතිවරණ කොමිසමේ ලේකම් හේ.මු.නි.දි.හේරත් මහතා විසින් අදාළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යවා ඇත.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට ලබාදී ඇති ස්ථාන මාරුව සිදු කර ඇත්තේ මැතිවරණ කාල සීමාවක් තුළ බැවින් සහ මැතිවරණ කොමිසමේ චක්‍රලේඛ වලට පටහැනිව බැවින් මැතිවරණ කාලසීමාව නිමවන තෙක් එම ස්ථාන මාරුව අත්හිටුවීමට කටයුතු කර ඒ බව මැතිවරණ කොමිසන් සභාව වෙත වාර්තා කරන ලෙස මැතිවරණ කොමිසමේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර ඇත .
කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවට කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පසුගිය 6 වන දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ .
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එම ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය 12 වන දින නැවත වරක් අදාළ ස්ථාන මාරුව පිළිගන්නා ලෙස වෛද්‍ය වීරබණ්ඩාර මහතාට දන්වා එවා තිබුණි .
එම ස්ථාන මාරුව පිළි නොගත් රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිසන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද ස්ථාන මාරුව අවලංගු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවට කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය කියනවා. ඒ උනාට එදා උද්ගෝෂණය වෙලාවේ වැඩිහරියක් හිටියේ ෆේස් මාස්ක් එක ගලවාගෙන, පොරකාගෙන. ඉතින් කොහොමද කොරෝනා මර්ධනය කරන්නේ?
කවුද මේ රෝහල සුරැකීමේ සංවිධානය කියන්නෙ? සාෆි සෙවනැළිද? මේ ප්‍රශ්නය හරියටම පැහැදිලි නෑ...
මැතිවරණයකට දින දීල තියෙන වෙලාවක ස්ථාන මාරු කිරීම් නීති විරෝධී නම්, ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන් 7 දෙනෙක් සේවයෙන් ඉවත් කිරීමත් නීති විරෝධී වෙන්න එපෑය? මැතිවරණ කොමිසම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නීති දෙකක් ක්‍රියාත්මක කරන්නේ ඇයි? බයද? ඉවත් කරපු ලේකම්වරු ගෙදර ගියාද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගියාද මම දන්නේ නැහැ. නමුත් මැතිවරණ කොමිසම ස්වාධීන නොවී ජනාධිපතිවරයා කරපු වැරැද්ද හමුවේ නිහඬව හිටියොත් හෙවත් පක්ෂග්‍රාහී වුනොත්, චන්දෙට ඉස්සෙල්ල සියලු අමාත්‍යංශ වල ලේකම්වරු සියලු දෙනා මේ වගේ කොටස් වශයෙන් ඉවත් කරලා සියලු අමාත්‍යංශ වලට හමුදා නිලධාරින් පත් කරලා තියෙන්න ඉඩ තියෙනව. ඒක ඉතින් මහත් අභිමානයෙන් ගෝඨාභය ජනාධිපති කරපු රාජ්‍ය පරිපාලන සහ සාමාන්‍ය රජයේ සේවකයන්ට දුන්නු ඉහලම තෑග්ග වීම වෙනම කතාවක්. නමුත් මැතිවරණ කොමිසමට වචන දෙකක් නීති දෙකක් තියෙන්න බැහැ. ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරු 7 ඉවත් කිරීම නීතිවිරෝධියි.
"ලජ්ජා නැතිකම, දොස්තරකමටත් වඩා ලොකුයි කිව්වලු" ආයේ කතා දෙකක් නැහැ, කවුරු හෝ දේශපාලකයෙකුට පන්දම් අල්ලලා මාරුව අවලංගු කර ගන්න ඇති? අනේ මෙහෙමත් දොස්තරලා....?
මීට කලිනුත් ඕකම තමා සිද්ද උනේ.