IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සංචාරක හෝටල් දෙකක නැවතී සිටි 86 ක් පීසීආර් පරීක්ෂණයට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

යුරෝපීය රටවල් වල සිට මෙන්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වස්කඩුව හා වාද්දුව සංචාරක හෝටල් දෙකක මුදල් ගෙවා නැවතී නිරෝධනයට ලක් වෙමින් සිටි පුද්ගලයන් 86 දෙනෙකු අද දින (14) පීසීආර් පරීක්ෂණයට භාජනය කළ බව කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .

ඉකුත් 4 වෙනි දින මෙරටට පැමිණි එම පුද්ගලයන්ගේ නිරෝධනය කාලය අවසන් වීමට ඇත්තේ මෙම මස 18 වෙනි දින බව වෛද්‍ය වරයා කීය.

පීසීආර් පරීක්ෂණ වෛද්‍ය වාර්තාවන් හෙට දින 15 ලැබීමට නියමිත බව  වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
 



අදහස් (4)

සංචාරක හෝටල් දෙකක නැවතී සිටි 86 ක් පීසීආර් පරීක්ෂණයට

Namal karunarathna Thursday, 14 May 2020 04:42 PM

අනේ එයාලගෙ කොහොම හරි චෙක් කරල බලල පරිස්සම් කරගන්න.. අනිත් අයට නැතුවට කමක් නෑ.. ඕවටත් සල්ලි ගෙවයි..

:       13       58

Lakmal Friday, 15 May 2020 01:29 AM

ඕක නම් පුදුම කුහකකමක් මහත්තයා ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් කොහේ ඉදන් නිරෝධායනය උනත් අපිට මොකද? ඒකෙන් අඩු ගානේ රජයේ සල්ලිවත් ඉතුරු වෙනවා නේද?

:       0       0

lalithm Thursday, 14 May 2020 04:54 PM

සල්ලි ගෙවනවා නම් තව සති දෙක තුනක් ඔන්න ඔහේ තියාගමු. නිකම් තියෙන හෝටලේ නේ....

:       7       21

de silva Friday, 15 May 2020 04:00 AM

ලංකාවේ දිනකට රුපියල් 1000 පටන් ගත්තම රුපියල් ලක්ෂ ගණනින් කාමරයකට අයකරන සංචාරක හෝටල් තිබෙනවා. අපට අවශ්‍ය නම් මෙම හෝටල් සෞඛ්‍ය බලධාරීන්ගේ අධික්ෂණය යටතේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස සකස් කර මුදල් අයකර විදේශික සංචාරකයන් , පිටරට ඉගෙන ගන්න සිසුන් , විදේශ වල සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් වැනි සියලුදෙනාම නිරෝධනය කර රට තුලට ඇතුල් කරගත හැක. මෙසේ කරනවිට තමන්ගේ අතේ ඇති මුදලට නිරෝධන හෝටලයක් තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දිය හැක. මුදල් ගෙවීමට අකමැති පුද්ගලයන් රජයේ දැනට තිබෙන නිරෝධන මධ්‍යස්ථාන හරහා රට තුලට ගන්න පුළුවන්.... කාමර වෙන්වෙන් වශයෙන් තිබෙන නිසා සංචාරක හෝටල් නිරෝධන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. මුදල් තිබෙන පුද්ගලයන් තම නිරෝධනයට යන මුදල තමන් විසින්ම ගෙවන නිසා රජයට විශාල ඉතුරුවක් සිදුවේ....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 134 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 683 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site