(විනීතා එම් ගමගේ)
විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසීය.
ඒ අනුව හොංකොං, චීනය, ඕස්ටේරලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංප්පූරුව, කටාර් ජර්මනිය සහ ඉන්දියාව සඳහා විදෙස් තැපැල් සේවාව ක‍්‍රියාත්මක වන බව ද ආරියරත්න මහතා කීය.
එකී ගමනාන්තයන්ට ගුවන් මගින් හා මුහුදු මගින් තැපැල් භාණ්ඩ හා ලිපි ගෙන යාම ආරම්භ වූ අතර ඉදිරියේ දී ක‍්‍රමානුකූලව අනෙක් රටවල් සඳහා ද ලිපි හා තැපැල් භාණ්ඩ ගෙනයාම ආරම්භ කරන බව ද තැපැල්පතිවරයා කියා සිටියේය.
කොවිඩ් - 19 වසංගතයේ පැතිරයාමත් සමඟ ගුවන් ගමන් නතර වීම නිසා නතර කර දමනු ලැබූ විදෙස් තැපැල් සේවාව මෙසේ අද සිට ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම ලිපි පාර්සල් විෂබීජ හරනය නොකලොත් නැවතත් කොරෝනා පැතිරෙන්න පුලුවන්....
ලිපි විෂබීජ හරණය කරන්න අවශ්‍ය නැහැ... උෂ්ණාධික පරිසරයක් ඇති ලංකාවේ කොරෝනා ඔය කියනතරම් භයානක නැහැ , සීග්‍රයෙන් පැතිරෙන්නේත් නැහැ , නේවි එකේ සොල්දාදුවන්ට ඕක බෝ වුනේ ඔවුන් 30-40 එකම බැරක්කයේ වාසය කරන නිසාත් තට්ටු ඇදන් වල නිදා ගන්න නිසාත්ය... නේවි සොල්දාදුවන්ට ඕක හැදුනේ නැති නම් ලංකාවේ කොරෝනා රෝගියෝ සියල්ල මෙලහකට සුවවෙලා ගෙදර ගිහින්ය.. සවි ශක්තිය ඇති නිරෝගී මනුෂ්‍යයෝ ඕක හදුනා කියල මැරෙන්නේ නැත. හොඳම උදාහරණය අපේ නේවි සොල්දාදුවෝ කව්රුවත් මරුනේ නැත . ලංකාවේ කොරෝන රෝගීන් 524 සුව වෙලා ගෙදර ගිහින් මැරිලා තිබෙන්නේ 9 පමණි, ඔච්චරම බයනම් ලියුමක් ලැබුන ගමන් ඒක ආරක්ෂා ඇති තැනක තබල වහාම ගිහින් අත සෝදා ගෙන එන්න... දවසකට පස්සේ ඇරලා බලන්න .