(ටෝනි කරුණානායක)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපති වරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 18 වෙනිදාට නැවතත් විභාගයට ගැනීමට ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා අද (15) නියම කළේය.
දොම්පේ,මල්වාන,මාපිටිය,කැලණි ගගට මායිම්ව ඇති අක්කර 16ක ඉඩමක් මිලට ගෙන,එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ,ගොවිපෙළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව අද (15) විභාගයට ගත් අවස්ථාවේ හිටපු අමත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවේ පෙනීසිටි අතර එම විත්තිකරුවන් දෙදෙනාට සහ සාක්ෂිකරුවන්ට සැප්තැම්බර් මස 18 වෙනිදාට ගම්පහ මහාධිකරණයේ පෙනී සිටින ලෙසටත් වැඩි දුරටත් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක හොරු....!!! මෙවර වෙනත් රජයක් පත්වුනොත් ...මේ කට්ටියව අනිවාර්යයෙන්ම කුඩුවට දැමිය යුතුයි. එසේ පොරොන්දුවෙන පක්ෂයකට අපේ චන්දය දෙනවා.
වරක් තීන්දුවක් දීපු නඩු අහන්නත් භයද?