IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බංගලාදේශයේ කොක්ස් බසාර්හි ලොව විශාලතම සරණාගත කඳවුරේ දෙදෙනකුට කොරෝනා

බංගලාදේශයේ කොක්ස් බසාර්හි පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුරේ රෝහින්ග්‍යා සරණාගතයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඔවුන්, රෝහින්ග්‍යා සරණාගතයින් මිලියනයක් පමණ වෙසෙන එම කඳවුරේ තහවුරු වූ පළමු රෝගීන් වේ.

ආසාදිතයින් වෙන්කර ප්‍රථිකාර කරන බවත් පරීක්ෂණ සඳහා යොමු කළ යුතු සරණාගයින් 1 900ක් පමණ හුදකලා කර ඇති බවත් වෛද්‍යවරු පවසති.

කොරෝනා පැතිරීමට ඉඩ ඇති බැවින් කඳවුර මාර්තු 14 වනදා සිට අගුලු දමා තිබිණි.

අධික තදබදයෙන් යුතු මෙම කඳවුරේ වෛද්‍ය පහසුකම්, පිරිසුදු ජලය, ඇතුළු බොහෝ අවශ්‍යතා සීමිත බැවින් කොරෝනා පැතිරීමෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට සති ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබිණි.

කඳවුරේ වර්ග කිලෝමීටරක සරණාගතයින් 40 000 - 70 000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුවේ බංගලාදේශ අධ්‍යක්ෂ මනීෂ් අග්‍රවාල් පෙන්වා දෙයි.

මේ සම්බන්දව අදහස් දක්වමින් බංගලාදේශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ෂාමි ජහාන් පවසන්නේ කොරෝනා රෝගයෙන් සරණාගත කඳවුරේ දහස් ගනනක් මිය යාමේ අවදානමක් පවතින බවයි. වසංගතය හේතුවෙන් බංගලාදේශය දැඩි පසුබෑමකට ලක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.


(බීබීසි ඇසුරිනි - 085)
 



අදහස් (2)

බංගලාදේශයේ කොක්ස් බසාර්හි ලොව විශාලතම සරණාගත කඳවුරේ දෙදෙනකුට කොරෝනා

Prabha Friday, 15 May 2020 11:03 AM

අපේ නාවික හමුදාව වැඩි අවධානයෙන් ඉන්න වෙවි...

:       0       7

සේන Friday, 15 May 2020 12:27 PM

උපන් රටට ගරහන මිනිසුන් නැවත උපදින්නේ මේ වගේ සරණාගතයින් ලෙස. මනුස්ස උත්පත්තියක් ලැබුවොත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 132 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 683 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site