හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ඒකකයේ වැඩ කොට උඩ හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ඒකකයේ, රුධිර කාන්දුකරණ අංශයේ ප්‍රතිකාර උපකරණ හිඟවීම හේතුවෙන් එහි කටයුතු දින 5ක් තිස්සේ නවතා දමා ඇතැයි රෝගීහු පවසති. 20 November 2019
පාකිස්තානයේ සංචාරයකට ඉම්රාන්ඛාන්ගෙන් ජනපතිට ඇරයුම් පාකිස්තානයේ සංචාරයක නිරතවන්නැයි එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරැයුම් කර ඇත. 20 November 2019
ජනපති කාර්ය මණ්ඩල: නිලරථ සීමාවෙයි සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය හා නිල රථ සීමා කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 20 November 2019
විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට රවිනාථ ආර්යසිංහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම ධූරයේ කටයුතු කරමින් සිටි රවිනාථ ආර්යසිංහ මහතාම යළි පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 20 November 2019
අගමැති ඉල්ලා අස්වෙන්න යයි අද පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුනේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. 20 November 2019
පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ වාර්තාව එළිදක්වයි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව, විශ්වාසනීයව සහ ක්‍රමවත්ව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ප්‍රොස්පර් බානී මහතා කොළඹ දී අද (19) පැවසීය. 19 November 2019
ටොනේඩෝ තත්වයක් හේතුවෙන් වඳුරඹ නිවාස 17 කට හානී ගාල්ල වඳුරඹ මැදකීඹිය ප්‍රදේශයට අද( 19) බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 17 කට පමණ අර්ධ හානි සිදු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ මේජර් ඉන්දික වික්‍රමසිංහ මහතා පවසයි. 19 November 2019
ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය සඳහා ලබන (29) වැනිදා ඉන්දියාව බලා යාමට නියමිතය. 19 November 2019
‘‘ජනාධිපතිවරයා හමුවී දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන පැහැදිලි කර දෙනවා‘‘ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 19 November 2019
කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීමට යයි මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලබාදෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 19 November 2019
ඌව වෙල්ලස්ස සරසවියට වෛද්‍ය පීඨයක් ගන්න වැඩපිළිවෙළක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ගෙන ඒමේ වගකීම බාර ගන්නා බවත් ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ වෛද්‍යවරුන් එම සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයින්ට අද (19) සහතිකයක් ලබාදුන්හ. 19 November 2019
හිටපු අගමැති දි.මු දිවියට සමුදෙයි මෙරට දේශපාලනයේ පෙරළිකාරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය. 19 November 2019
ඉත්තෑවා අල්ලාගැනීමට ගුලකට ඇතුළු වූ අයෙක් එහි සිරවී මරුට ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේදී ඉත්තෑවෙකු අල්ලා ගැනීම සඳහා ගුලකට ඇතුළුවී, එහි සිරවී මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුර අද (19) මහත් පරිශ්‍රමයක් දරා ගොඩගත් බව ගණේමුල්ල පොලිසිය කියයි. 19 November 2019
ජපානයේ විදේශ ඇමැතිගෙන් ජනපතිට සුබ පැතුම් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංෂණය කරන බව ජපානයේ විදේශ අමාත්‍ය මොතෙගි තොෂිමිත්සු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි 19 November 2019
හර්ෂ ද සිල්වා ඇමැති ධූරයෙන් ඉවත් වෙයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 November 2019
දළදා සමිදුන් වැඳපුදා ගන්න ජනපති හෙට මහනුවරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතව තිබේ. 19 November 2019
ඉන්දීය විදේශ ඇමැති ලංකාවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (19) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 19 November 2019
පාර්ලිමේන්තු කටයුතු ගැන මේ සතියේ තීරණයක් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර මේ සතියේ දී තීරණයක් ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පැවසීය. 19 November 2019
රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම 25 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම මෙම මස 25 වැනිදා පස්වරුවේ සිදුකෙරේ. 19 November 2019
ලක්ෂ 7ක මත් මුද්දර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුත් මත් මුද්දර 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය පැවසීය. 19 November 2019
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව කල්යයි සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (19) නියම කළේය. 19 November 2019
ශ්රීලනිපය විමසිල්ලෙන් ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය අධ්‍යයනය කර ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 19 November 2019
සජිත්ගේ පරාජයට පක්ෂයේම පිරිසක් වගකිව යුතුයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වගකිවයුතු බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා කොළඹදී පැවැසීය. 19 November 2019
අල්ලස් ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට පුද්ගලයකුගෙන් රුපියල් 2,000ක අල්ලස් මුදලක් ලබාගත් කුලියාපිටිය කරගහගෙදර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු පොල්පිටිය සමෘද්ධි ප්‍රජා මූල බැංකුව අසළදී අද(19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 19 November 2019
ඡන්දය අහිමි වූ කතට අධිකරණයට යා හැකියි ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය වෙනත් අයෙකු පාවිච්චි කිරීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ ඡන්දදායිකාවට එම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි යැයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 19 November 2019
අයි.සී.සී.ආර් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 2020-2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අයි.සී.සී.ආර්. ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවා ඇත. 19 November 2019
ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇතැයි එහි හිටපු වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 19 November 2019
ලංගමයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙක් රිමාන්ඩ් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු ලබන 3 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය. 19 November 2019
මහාචාර්ය රොහාන් සමරජීවට එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතාව පිළිබඳ ඉහළ තනතුරක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කරනු ලැබ ඇත. 19 November 2019
‘මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවනවා’ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 19 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026