බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප්‍රචාරය කළ ප්රවෘත්තියකට විරෝධය දක්වමින් බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. 21 November 2019
අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. 21 November 2019
‘දෙමළ සන්ධානයට අභියෝග කරන නව සන්ධානයක් පිහිටුවනවා’ දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන ජනතාවාදී පුළුල් දේශපාලන බලවේගයක් ජාතික දෙමළ සන්ධානය (NTA) නමින් පිහිටුවන බව උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්රජාතන්ත්ර පක්ෂයේ නායක ඒ.වරදරාජා පෙරුමාල් මහතා පැවසීය. 21 November 2019
මැදමුලන නඩුවෙන් ජනපති නිදහස් මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය. 21 November 2019
රවීගෙන් ප්‍රකාශ ගෙන අවසන් මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රකාශ ලබා ගැනීම් අවසන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේ ය. 21 November 2019
පාන් මිල යළි පහළට පාන් මිල අද (21) යළි පහළ දැමීමට තීරණ කළ බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියයි. 21 November 2019
නව ආණ්ඩුකාරවරු 6 ක් දිවුරුම් දෙති නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. 21 November 2019
ජනපතිවරණ ප්‍රතිඵල ගැන පූර්ණ විශ්ලේෂණයක් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණයක් ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින පුරා සිදු කෙරේ. 21 November 2019
පොදුජන පෙරමුණේ විධායක සභාව අද රැස්වේ පොදු ජන එක්සත් පෙරමුණේ විධායක සභාව අද(21) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. 21 November 2019
නව ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙති පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද(21) පෙරවරු 8.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය. 21 November 2019
ඉන්දියාවේ රාජ්‍ය බැංකු වල බිලියන 958 ක මූල්‍ය වංචාවක් ඉකුත් අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී ඉන්දීය රාජ්‍ය බැංකුවල ඉන්දීය රුපියල් බිලියන 958ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 13.3ක) වංචාවක් සිදුව ඇතැයි එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. 20 November 2019
‘‘ජනපති හමුවී සාකච්ඡා කරන්න සූදානම්‘‘ දෙමළ ජාතික සන්ධානය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමේ සූදානමින් පසුවන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ලංකාදීපයට පැවසීය. 20 November 2019
රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත. 20 November 2019
ආරක්ෂක ලේකම්ගෙන් වැ:බ පොලිස්පතිට ලිපියක් එළැඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැළකිලිමත් හා පරීක්ෂාකාරීව රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබේ. 20 November 2019
හිටපු අගමැති දි.මු ජයරත්නගේ අවසන් කටයුතු සෙනසුරාදා හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත දි.මු ජයරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොළ දොළුව හලියද්ද ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (23) හවස 3.00 ට සිදුකෙරේ. 20 November 2019
මහින්ද යළිත් අගමැති තනතුර අබියස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ ඉල්ලා අස්වීමෙන් පසුව මීළඟ අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසී යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 20 November 2019
සජිත් හෙට සිරිකොතදී පාක්ෂිකයන් හමුවෙයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට(21) පෙරවරු 11.00ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි පාක්ෂිකයන් සහ මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 20 November 2019
මහේස්ත්‍රාත් අධිකරණයක මුදල් වංචා කළ අයකැමියෙකු අත්අඩංගුවට මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක මුදල් අයකැමියෙකු ගම්පහ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 20 November 2019
‘‘දිවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතයේ ඉදිරි කාලය කැපකරනවා‘‘ තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 November 2019
අගමැති රනිල් අස්වෙන්න තීරණය කරයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 20 November 2019
‘රනිල් ඉවත් නොවුනොත් සජිත් එක්ක අලුත් පක්ෂයක් හදනවා’ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවසීය. 20 November 2019
චීන තානාපති විපක්ෂනායක හමුවෙයි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා අද (20) උදෑසන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණේය. 20 November 2019
මන්ත්‍රී ශාන්ත අබේසේකර නඩුව ලබන වසරට කල්යයි පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර අබේසේකර මහතාට එරෙහිව නඩුව ජනවාරි 17 සහ පෙරවාරි 6 යන දිනයන් හි විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය නියෝග කළාය. 20 November 2019
සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි නියෝග සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත. 20 November 2019
පාර්ලිමේන්තු කාරක සභාව හෙට රැස්වෙයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (21) පෙරවරු 11 ට පැවැත්වීමට නියමිතය. 20 November 2019
ධම්ම දිසානායක සබරගමු ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ දැනුම්දීමක් මත සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සිය ධූරයෙන් අද(20) ඉල්ලා අස්වී ඇත. 20 November 2019
සිරකරුවෝ 254 ක් නිදහස ලබා ගෙදර යති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට අනුව ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි මත සිර දඩුවම් ලැබු සිරුකරුවෝ 254 දෙනෙක් අද ( 20) නිදහස ලබා පිටව ගියහ. 20 November 2019
නලීන්ගේ අදහස් ගැන එජාපයේ අවධානය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර අදහස් පළ කර තිබේ. 20 November 2019
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩුව කල්යයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිෂ්ප්‍රභ කර තිබු නඩුව විභාගයට ගැනීම ලබන දෙසැම්බර් 6 වැනිදා තෙක් කල් දැමීමට එම අධිකරණය තීන්දු කර ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 20 November 2019
දුම්රියක ගැටී ගේට්ටු මුරකරු මරුට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) මිය ගොස් ඇතැයි හැටන් පොලිසිය පවසයි. 20 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026