දකුණේ තෝරගත් පාසල්වල සිසුන්ට නොමිලේ පාසල් උපකරණ දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල්වල සියලුම සිසුන්ට ලබන ජනවාරි මාසයේදී නොමිලේ පාසල් උපකරණ ලබාදීමට සැලසුම් කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2019
නොර්වුඩ්හි ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශයි හැටන්, නොර්වුඩ් නගරයේ ප්‍රධාන වීදියේ වෙළඳසැල් පේලියක අද (25) අලුයම හටගත් ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශ වී ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි. 25 November 2019
දිනේෂ් ගුණවර්ධනට චීන විදේශ ඇමැතිගෙන් සුබ පැතුම් නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා සුබ පැතුම් එක්කර ඇත. 25 November 2019
රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම කල්යයි නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 24 November 2019
මැතිවරණ නීති උල්ලංඝණය කළ රාජ්‍ය ආයතන 6කට නීතිමය පියවර ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ රාජ්‍ය ආයතන 6කට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. 24 November 2019
කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ ගැසට් නිවේදනය හෙට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට අයත් ආයතන සහ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය හෙට (25) දිනයේ නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 November 2019
බදියුදීන් ගමන් කළ වාහනයකට මුන්දලමේදී ප්‍රහාරයක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ගමන් රථ පෙළකට අද (24) සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි ඇති බව මුන්දලම පොලිසිය පවසයි. 24 November 2019
ජනපතිවරණය ආසන්නයේ දුන් රැකියා 7,000ක් අත්හිටුවයි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ආරම්භ කළ සහන ණය වැඩසටහන්, රාජ්‍ය ආයතනවල සමාජ වගකීම් වැඩසටහන් සහ ජනාධිපතිවරණයට ආසන්න දිනවල දුන් රැකියා 7,000ක් අත්හිටුවීමට නව ආණ්ඩුව පියවර ගෙන ඇත. 24 November 2019
සිවාජිලිංගම්ට සහය දැක්වීයැයි ටෙලෝ මහලේකම් ඇතුළු තිදෙනෙක් පක්ෂයෙන් ඉවතට ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වූ එම්.කේ.සිවාජිලිංගම් මහතාට සහාය දැක්වීම මහ ටෙලෝ සංවිධානයේ මහ ලේකම් එන්.ශ්‍රීකාන්තා ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ඔවුන් දරන සියළු තනතුරුවලින් ඉවත් කිරීමට ටෙලෝ සංවිධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබේ. 24 November 2019
යුද හමුදා කදවුරු වල ප්‍රදර්ශනය කළ යුත්තේ යුද හමුදා හා රාජ්‍ය ලාංඡන පමණයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලු යුද හමුදා කඳවුරු වල වෙනත් ඡායාරූප වෙනුවට ප්‍රදර්ශන කළ යුත්තේ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත. 24 November 2019
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අවසරයකින් තොරව රට ගිහින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි මිනිමැරුම් හා සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) පස්වරුවේ බිරිද හා දරු තිදෙනා සමග හොර රහසේ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 24 November 2019
පරිසරය සුරැකීමේ මෙහෙයුමට පොලීසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත හා ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණ යටතේ පොලිසිය විසින් පරිසරය සුරැකීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 24 November 2019
වැස්ස තවත් වැඩි වන ලකුණු ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි දිනවලදී පළාත් කිහිපයන වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2019
‘මහමැතිවරණය ජයගන්න විජයවර්ධන කමිටු වාර්තාව අනිවාර්යයි‘ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණය ජය ගැනීම සඳහා රුවන් විජයවර්ධන කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (24) පැවසීය. 24 November 2019
සා.පෙළ උපකාරක පන්ති-දේශන 27 මධ්‍යම රාත්‍රියෙන් අවසන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2019
මන්ත්‍රීධූරය අහෝසි කළොත් නඩු මඟට යන බව ෆවුසි කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ලංකාදිපයට පැවසීය. 24 November 2019
‘ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘ “ලබන අවුරුද්දේ ණය වාරිකයයි , පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 November 2019
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ගල් පෙරැළීමේ අවදානමට පිළියමක් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවන නායයාම් හා ගල්පෙරැළීමේ අවදානමට පිළියමක් ලෙස ආරක්ෂක ගල්වැටි හා කම්බි දැල් යෙදීමට මාර්ගය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. 24 November 2019
සද්භාවයෙන් කරන ක්‍රියාවන් පාරා වලල්ලක් වන්නට ඉඩදෙන්නේ නැහැ ’’රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් කරන ක්‍රියාවන් ඔවුන්ට පාරා වලල්ලක් වන්නට කිසිසේත් අප ඉඩ දෙන්නේ නැහැ. බුද්ධ ජයන්තියට සිල් රෙදි බෙදන්න කියලා මහා සංඝරත්නයෙන් ඉදිරිපත් කල යෝජනාව අනුව එදා විධායක ජනාධිපතිවරයා ලෙස මා දුන් නියෝගය ක්‍රියාත්මක කළ ලලිත් වීරතුංග මහත්තයටයි, අනූෂ පැල්පිට මහත්තයටයි එදා ජම්පර් ඇන්දුවා.’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දහවල් කුරුණෑගලදී පැවසීය. 23 November 2019
පීලිපැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සීමාකරයි බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය දුම්රිය ස්ථානයේදී අද (23) හවස පීලී පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දක්වා පමණක් සීමා වී තිබේ. 23 November 2019
මුහුදු සිංහයකු වෙරළට ගසා එයි මුහුදු සිංහයකු බවට සැලකෙන මුහුදු සත්වයකු අද (23) පස්වරුවේදි වැලිගම මිදිගම 87 කණුව පෙදෙසේ වෙරළ තීරයට ගොඩගසාගෙන ඇවිත් තිබූ බව වැලිගම පොලිසිය පවසයි. 23 November 2019
බෝක්කුවක් අසල හිමිනමකගේ සිරුරක් මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ මැටිගහතැන්න විහාරස්ථානයට නුදුරින් පිහිටි අඩි 15 ක පමණ ගැඹුරින් යුත් බෝක්කුවක් අසල තිබී අපවත් වූ හිමිනමකගේ මෘත දේහයක් අද (23) දහවල් සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි. 23 November 2019
ඇමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය. 22 November 2019
අල්ලස් ගත් පොලිස් ලොක්කා රිමාන්ඩ් කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට හලාවත වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා අද (22) නියම කළේය. 22 November 2019
හෙරොයින් කිලෝ 10 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට හෙරොයින් කිලෝ 10 ක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 22 November 2019
අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේ දී කාන්තාවකගෙන් අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයකු අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 November 2019
ගාලු මහාධිකරණයේ වහලේ තහඩු ගැලවෙයි ගාල්ල නගරයට අද (22) සවස ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හමාගිය තද සුළං හා අකුණු ගැසීම් හේතුවෙන් ගාල්ල මහාධිකරණයේ වහලේ තහඩු කිහිපයක් ගැලවී ගසා ගෙන ගොස් තිබූ අයුරු දක්නට ලැබේ. 22 November 2019
ලලිත් වීරතුංගගේ රට ගමන් තහනම ඉවතට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 November 2019
ගම්මන්පිල ඇමැතිකම් එපා කියයි නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් මුහුණ දී සිටින දුෂ්කරතාව ගැඹුරින් කල්පනා කර කිසිම ඇමැති ධුරයක් බාර නොගැනීමට තීරණය කළ බව දන්වා පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 22 November 2019
කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අද (22) නිකුත් විය. 22 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026