සජිත් ඉල්ලා පුද්ගලයෙක් සත්‍යග්‍රහයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයකු අද (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. 22 November 2019
පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 45 යි ජනාධිපතිවරණයෙන් පසු 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ඊයේ ( 21) දහවල් 12 වන විට දිවයින පුරා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 45 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 22 November 2019
ජල පීඩන රොකට් තරගාවලියට 6 ක් ජපානයට යති ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසල් සිසු සිසුවියෝ 6 දෙනෙක් ජපානය බලා අද (22) පිටත්ව ගිය බව ආතර් සී.ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධක්ෂක (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. 22 November 2019
රනිල් සජිත් පිලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කර බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද (22) පැවසීය. 22 November 2019
සිමෙන්ති මිල ඉහළට සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභපති රංජිත් විතානගේ මහතා පවසයි. 22 November 2019
රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට වෘත්තීය සුදුසුකම් සොයයි රජය යටතේ පවතින සංස්ථා හා මණ්ඩල ආදීයෙහි සභාපතිවරු ,අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේදී සුදුසුකම් , වෘත්තීය දැනුම ඇති පිරිස් පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 22 November 2019
හතු විස වීමෙන් එකම පවුලේ තුනක් රෝහලේ කැලෑවේ පිපි තිබූ විෂ හතු වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඒවා විස වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 22 November 2019
චෝදනාවට ලක් වෙන්න එපා යයි ජනපතිගෙන් ඇමැතිවරුන්ට අවවාද ‘ ‘පසුගිය වකවානුවේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ අමාත්‍යවරුන්ට පැවරී තිබුණේ මුළු දවසම අත්සන ප්‍රැක්ටිස් කරන්න විතරයි. ඒ අයට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඒ චොදනාවට ලක් වෙන්න එපා . රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ රාජකාරිය කරන්න අවස්ථාව දෙන්න‘ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 22 November 2019
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 22 November 2019
අඟුලානේ ගොඩනැගිල්ලක ගින්නක් රත්මලාන, අඟුලාන හන්දියේ සිව්මහල් ගොඩනැගිල්ලක අද(22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි. 22 November 2019
ෆවුසි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්රීලනිපය තීරණය කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 21 November 2019
‘‘පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිසමක් පත් කරනවා‘‘ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කඩිනමින් ස්වාධීන කොමිසමක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 November 2019
ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි. 21 November 2019
ප්රචාරක පුවරු - ප්‍රචාරණ කාර්යාල වසා දමන්නැයි ජනපතිගෙන් උපදෙස් තම ජයග්‍රහණයට සුබ පතමින් දිවයිනපුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම ප්රචාරක පුවරු ඉවත්කරන ලෙසට හා මැතිවරණ සමයේදී විවෘතව තැබුණු ප්‍රචාරණ කාර්යාල වසාදමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ. 21 November 2019
ටිකිරි කොබ්බෑකඩුව සදුදා ආණ්ඩුකාරධූරයේ වැඩ බාරගනී සබරගමු පළාතේ වන ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ලබන සඳුදා (25) පෙරවරුවේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිත බව පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම්.මාලනී මහත්මිය පැවසුවාය. 21 November 2019
දි.මු ජයරත්නගේ දේහය හෙට පාර්ලිමේන්තුවට හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා හෙට (22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 21 November 2019
නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 21 November 2019
ජනපතිගේ නිවේදන නිල මාධ්‍ය වලින් පමණයි තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 November 2019
පාකිස්තානු අගමැතිගෙන් ජනපතිට - අගමැතිට ආරාධනා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව සිය සතුට පළකර ඇත. 21 November 2019
‘‘මැතිවරණ වියදම් සීමා කරන නීති ගේන්න‘‘ මැතිවරණ සාධාරණව පැවැත්වීමට ඉවහල් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි උපරිම සීමා ඇතුළත් නීති කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සම්මත කර ගැනීමට ක්‍රියා කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 21 November 2019
කතානායකධූරය වාසුට දීමේ සූදානමක් නව ආණ්ඩු පත්වීමත් සමඟ කතානායකධූරය සඳහා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 21 November 2019
විපක්ෂ නායකයා තෝරා ගැනීම පක්ෂයේ වැඩක් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බැවින් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 21 November 2019
රාජිත ඉන්ධන කූපන් වලින් ඉතිරි වූ ලක්ෂ 6 ක් රජයට බාරදෙයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට රජය මගින් ලබාදී තිබූ ඉන්ධන කූපන් පත්වලින් ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 6 ක් වටිනා කූපන්පත් යළි රජයට බාර දී තිබේ. 21 November 2019
විද්‍යුත් ඡන්දයට මැතිවරණ ක්‍රමයෙන් සහායක් නෑ මැතිවරණ සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වාදීම අපහසු වී තිබෙන්නේ මැතිවරණ ක්රමයේ සංකීර්ණභාවය නිසා යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ලංකාදීපයට පැවැසීය. 21 November 2019
නව අගමැතිට මෝදිගෙන් සුබ පැතුම් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක්කර තිබේ. 21 November 2019
මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය. 21 November 2019
කතානායක දෙලොවක් අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතාට ලිපියක් බාර දී තිබේ. 21 November 2019
සා.පෙළට අයදුම්කරුවන් 717,008 ක් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 21 November 2019
ඩිපෝ අධිකාරි පුටුවේ ගැටුම රෝහලෙන් නතර වෙයි බදුල්ල ලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර අද (21) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 21 November 2019
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. 21 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026