
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා පොකුරු වලින් රෝගීන් හමුවීමේ යම් සම්භාවිතාවක් තිබුණද එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ එක්ව ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එම රෝගීන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
කොවීඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.
කොවිඩ් 19 වයිරසය ආසාදිතයකු ලෙස හමුවූ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයා මීට පෙර කන්දකාඩු රෝගියකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර පවුල් දෙකෙන් එක් පවුලක අයෙකු ආශ්‍රය කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම තත්වය මත එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රදේශීය සභාවේත් සැලකිය යුතු පිරිසක් පී. සී. ආර් පරීක්ෂණ වලට ලක් කර ඇති බවත් පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) රාත්‍රීයේ 325 කට අධික සංඛ්‍යරවකගේ පී. සී. ආර් පරීක්ෂණ සඳහා පටල ලබාගත් බවද කීය.
ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නොමැති බවත් සඳහන් කළ ඒ මහතා එම ප්‍රදේශයේ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙන බවද පැවසීය.
හෙට (31) දිනය වන විට සිදුකරනු ලැබූ එම පී. සී. ආර් පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබුණු පසු මෙම තත්වය කෙසේද යන්න මැනබැලීමට හැකියාව ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා රෝගීන් වැඩි වුණොත් සෞඛ්‍ය සේවයට දරන්න බැහැ කියමින් දැන් මාස 5ක් පමණ රටවහලා, හදිසි වැඩිවීමකදී ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කරගන්න තවම බැරි වුණාද? රටේ ආර්ථිකය සහ ජනජීවිතය කඩාවැටිලා.., ඔබලා කියන විදිහට ඔය රෝගයට බෙහෙතක් සොයාගන්න තුරු රට වහලා දැම්මොත් මේ රට ඉතියෝපියාවක් වෙයි. ලක්ෂ ගාණක් හාමතේ සහ වෙනත් වෙනත් ලෙඩරෝගවලින් මිය යාවි.
යම් යම් අයගේ බලපෑම් නිසා ඡන්දය ඉවර වෙනකම්, බලධාරීන් ජනතාවගේ ඔලුව අතගගා බණ දෙසනවා වගේ...