හම්බන්තොට 611ක් ස්වයං-නිරෝධනයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මෙතෙක් කිසිදු කොරෝනා තත්වයේ රෝගියෙකු හමුවී නොමැති බවත් එහෙත් ස්වයං-නිරෝධයේ යෙදෙන්නට 611 දෙනෙකු අද(24) සවස් වන විට යොමුකර ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය පැවසුවාය. 24 March 2020
ඉන්දියාව අද මැදියම් රැයේ සිට සම්පූර්ණයෙන් වසාදමයි ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ප්‍රකාශ කළේය. 24 March 2020
තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 24 March 2020
යුද ගැටුම් නවතාලන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි ලොවපුරා තිබෙන යුද ගැටුම් නවතා දමන්නැයි ද සටන් විරාම ප්‍රකාශයට පත් කර යුද ගැටුම් තිබෙන ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂා කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. 24 March 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 24 March 2020
ලංකාවට එන්න බැරිව ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව ලංකාදීපයට අද (24) වාර්තා විණි. 24 March 2020
හවායි දුපත්වලට එන අය නිරෝධායනයට ඇමෙරිකාවේ හවායි ප්‍රාන්තයට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත. 24 March 2020
’ඇමෙරිකාව වයිරසය පැතිරීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකියි’ ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වයිරසය පැතිර යෑමේ ‘නව කේන්ද්‍රස්ථානය’ බවට පත්විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කරයි. 24 March 2020
ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගුවන් හමුදාවෙන් ගොඩනැගිලි දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්යක්ෂකයේ නිලධාරීන් පියවර ගෙන තිබේ. 24 March 2020
ඊජිප්තුවට ඇඳිරි නීතිය පනවයි කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඊජිප්තු රජය රට පුරා ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට ඇඳිරි නීතිය පනවා තිබේ. 24 March 2020
'කොරෝනා'ට එරෙහි සටනට අන්තර්ජාල දැවැන්තයින්ගේ සහාය කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටියි. 24 March 2020
රුපියලේ අගය පහළට ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 24 March 2020
ශ්‍රී ලාංකිකයින් 7 ක් ඉතාලියේදී ස්වයං නිරෝධායනයට කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියයි. 24 March 2020
කොරෝනා මඩින්න ජාතික වැඩපිළිවෙලක් සැකසීම සුදුසුයි පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන් හා නියෝජිතයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනය සඳහා ජාතික වැඩපිළිවෙලක් සැකසීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (24) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ. 24 March 2020
ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොරා්නා වයිරසයේ බලපෑම හේතුවෙන්, තවත් වසරකින් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. එහෙත් එය ‘ටෝකියෝ 2020‘ යනුවෙන්ම හැඳින්වෙන බව ටෝකියෝ ආණ්ඩුකාරයා වන යුරිකෝ කොයිකි පැවසීය. 24 March 2020
ස්පාඤ්ඤයේ මරණ 514ක් ස්පාඤ්ඤයේ කොරෝනා වයිරස ආසාදිත මරණ මරණ සංඛ්‍යාව 2 696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය දිනයට වඩා මරණ 514ක වැඩිවීමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 24 March 2020
නිවෙස්වලටම වී සිටින්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් මහජනතාවට නිවේදනයක් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලට ගෞරව කර මිනිසුන් කොරෝනා වයිරසයෙන් මිය යෑම නැවැත්වීම සඳහා නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය නායකයෝ අද (24) එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියහ. 24 March 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 500 ඉක්මවා ඇති බව ඉන්දියානු සෞඛ්‍ය අධ්‍යයන කවුන්සිලය වාර්තා කරයි. 24 March 2020
කරන්දෙනියේ පුද්ගලයින් 323 ස්වයං නිරෝධායනයට කරන්දෙනියේ පුද්ගලයින් 323 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 24 March 2020
ගුවන් හමුදාවෙන් විෂබීජ නාශක ඉසින කතාව අසත්‍යයි කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් විෂබීජ නාශක ඉසින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි. 24 March 2020
සුළු වැරදි-ඇප කොන්දේසි සම්පූර්ණ කළ රැඳවියන්ට සහනයක් සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 24 March 2020
බ්‍රිතාන්‍ය - දකුණු අප්‍රිකාව සති තුනක කාලයක් වසා දමයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය පැතිර යෑමේ වේගය අඩු කිරීම සඳහා සති තුනකට රට වසා දමන බව බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේය. 24 March 2020
ඇඳිරි නීතියෙදිත් රටපුරා ඖෂධ ශාලා විවෘතයි ඇඳිරි නීතිය පවතින කාලය තුළ රටපුරා ඖෂධ ශාලා විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 24 March 2020
‘පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ‘ පාර්ලිමේන්තු විසුරුවා නැති රටවල පවා මේ ආපදා තත්ත්වයත් සමඟ එම පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති තත්ත්වයක් පවතිද්දී අපේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කරන ඉල්ලීම පළක් ඇති ඉල්ලීමක් නොවන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැති විශේෂ සර්ව පාක්ෂික රැස්වීමේ දී පවසා ඇත. 24 March 2020
කඩවත පුද්ගලයන් 180 ක් ස්වයං නිරෝධායනයට කඩවත පොලිස් බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 180 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කඩවත පොලිසිය පවසයි. 24 March 2020
කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට වෙනත් රෝග ලක්ෂණ ඇති බව පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ කොරෝනා රෝගියෙකු හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 24 March 2020
ඉන්දියාවේ කොරෝනා මැඬලීමට චීනයේ සහය කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ඉන්දියාව ගෙන යන ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට චීනය තීරණය කර තිබේ. 24 March 2020
අම්පාර දිස්ත්‍රික්කයට මුහුණු ආවරණ මසති අම්පාර දිස්ත්‍රික් ජනතාවට අවශ්‍ය මුහුණු ආවරණ මැසීම උහන ප්‍රාදේශිය සභාව සහ සිවිල් ආරක්ෂක බළකාය මෙහයවිමෙන් ආරම්භ කර තිබේ. 24 March 2020
ඇඳිරි නීතිය වේලාවේදීත් ධීවර කටයුතු සඳහා අවසර ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. 24 March 2020
ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නිවෙස් වලට ගොස් රජයේ ජීවනාධාර සහ රෝගාධාර ලබා දීමේ වගකීම රජය ග්‍රාම නිළධාරීන්ට පවර ඇති හෙයින් ඒ සදහා දායක වීම සදහා පහසුකම් සපයන්නැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී. කමල් කිත්සිරි මහතා රජයෙන් ඉල්ලීමක් කරති. 24 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026