කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මාෆියාවෙන් ගොවීන්-පාරිභෝගිකයින් පීඩාවට කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුළු රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් හා ඇතැම් වෙළෙන්ඳන් විසින් මෙරට පාරිභෝගිකයින් ගසා කන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. 25 March 2020
සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් නයිජීරියාවේ හමුදා භටයන් 70ක් මරුට නයිජීරියාවේ ඊසාන දිග බොර්නෝ ප්‍රාන්තයේ ඉස්ලාම් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සොල්දාදුවන් 70ක් පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි. 25 March 2020
කළුතර දිස්ත්‍රික්කයේ 827ක් ස්වයං නිරෝධායනයේ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 13 තුළ කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලයින් 827 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ උදය රත්නායක මහතා පවසයි. 25 March 2020
කරාපිටියට ආ 120 න් කොරෝනා රෝගීන් 1 යි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගීන් සඳහා ස්ථාපිත කරණු ලැබු විශේෂිත වාට්ටුව සදහා මේ දක්වා කාලය තුළ ඇතුළත්ව සිටි රෝගින් 120 දෙනාගෙන් කොරෝනා බවට තහවුරු වී ඇත්තේ එක් රෝගියකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 25 March 2020
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉල්ලීමක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට කෝවිඩ් 19 ආසාදනය වීමේ අවදානම සම්බන්ධව සමාජයෙන් කොන් කර සළකමින් බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්රවෘත්ති පළ කර ඇති බව එම ගුවන් සේවය සඳහන් කරයි. 25 March 2020
ඌවේ මූලික රෝහල් 6ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි කොරෝනා වයිරසය පැතිරීමේ අවධානම මත බදුල්ල පළාත් මහ රෝහලට අමතරව ඌව පළාතේ මූලික රෝහල් හයක් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සූදානම් කර තිබෙන බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය රොහාන් මාපා මහතා සදහන් කලේය. 25 March 2020
ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයට සෙනට් සභාව-ට්‍රම්ප් පරිපාලනය එකඟවෙයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසයෙන් ඇමෙරිකා ආර්ථිකය බේරාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු සෙනට් සභාවේ නායකයන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර එකඟතාවක් ඇති කරගෙන ඇත. 25 March 2020
ප්‍රංශය කොරෝනා මරණ 1000 ඉක්මවයි ප්‍රංශයෙන් මේ වනවිට කොරෝනා මරණ 1 000 කට වඩා වාර්තා වන අතර ලෝකයේ කොරෝනා මරණ දහසේ සීමාව පසුකළ පස්වන රට බවට පත්ව ඇත. 25 March 2020
ආරණ්‍යවාසී-පිරිවෙන්- දුෂ්කර පෙදෙස්වල භික්ෂූන්වහන්සේලාටත් අවධානය දෙන්න රටේ පවතින ඇඳිරි නීති වාතාවරණ තුළ පිණ්ඩපාතයෙන් ජීවත්වන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා, පිරිවෙන්වල හා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන භික්ෂූන් වහන්සේලා දැඩි දුෂ්කරතාවන්ට ලක්ව ඇති බැවින් දායකයන් සහ සහන අංශ ඒ කෙරේ වැඩි අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුරාධපුර සංඝ සභාවේ දිසාපාකල පූජඨ ගෝනගල ඤාණාලෝක හිමියෝ ඉල්ලීමක් කරති. 25 March 2020
ඇමෙරිකාවේ සම්මානලාභී නාට්‍ය රචක ටෙරන්ස් වයිරසයෙන් මියයයි සම්මානලාභී අඇමෙරිකානු නාට්‍ය රචක ටෙරන්ස් මැක්නලී මහතා කොරෝනා වයිරසයෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වී තිබේ. 25 March 2020
බදුල්ලේ රාජ්‍ය සේවකයන්ට සහනයක් ඇදිරිනීතිය පැවතියද අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ නිලධාරින් සදහා අද (25)බදුල්ල සතොස වෙළදසැළ විවෘත පවතී . 25 March 2020
ආරක්ෂිත සිරුරු ආවරණ තොගයක් රේගුවෙන් අයි.ඩී.එච්.රෝහලට රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා ආරක්ෂිත සිරුරු ආවරණ තොගයක් අයි.ඩී.එච්.වසංගත රෝග රෝහල වෙත අද 25 උදෑසන පරිත්‍යාග කෙරිණි. 25 March 2020
දාන මාන-අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් දැනුම්දෙන්න කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන තත්වය හමුවේ, දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දෙන්නැයි සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ දන්වා සිටිති. 25 March 2020
යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාසවලින් පිටතට යාම තහනම් යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 25 March 2020
ධීවරයෝ සුපුරුදු රාජකාරීවල ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට රජයෙන් ඊයේ(24) අවසර ලබාදීමෙන් පසුව තංගල්ල සහ කුඩාවැල්ල ධීවර වරායවල ධීවරයන් අද දින සිය දෛනික කටයුතු ආරම්භ කර ඇති ආකාරය දක්නට හැකිවිය. 25 March 2020
කන්දකාඩු-පුනානි නිරෝධායනය වු 219 නිවෙස් බලා යති පුනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා නිරෝධායනය වු තවත් 219 ක පිරිසක් අද (25) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත් වු බව හමුදාව පවසයි. 25 March 2020
කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇතැයිද අද (25) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි . 25 March 2020
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ සිදුවූ 10 වැනි මරණය අද උදෑසන වාර්තා විය. 25 March 2020
දඹුල්ලේ ගොවීන්ට-මාධ්‍යවේදීන්ට-පොලිසියට මුඛ ආවරණ පරිත්‍යාගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන්ට පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට මුඛ ආවරණ ලබාදීමේ වැඩසටහනක් රංගිරි ඇක්වා නායකත්ව ආකල්ප සංවර්ධන හා ධාරිතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය හා නිෂු ඇපරල් ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කර තිබිණි. 25 March 2020
නිරෝධායනයට ලක්වු පිරිසක් ඇරලවා එමින් සිටි බස් රියක් අනතුරකට කන්දකාඩු නිරෝධායන මධ්‍යයස්ථානයේ නිරෝධානයට ලක් වූ පිරිසක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා පැමිණෙමින් සිටි යුද හමුදාවට අයත් බස් රථයක් අනතුරට ලක්විමෙන් තිදෙනකු තුවාල ලබා හොරණ මුලික රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි. 25 March 2020
වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහන මිලට එළවළු වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය එළවළු සහන මිලට ලබාදිමට වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රුපියල් ලක්ෂ 12ක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශිය ලේකම් සුමිත් ශාන්ත මහතා පවසයි. 25 March 2020
කල්මුණේ සතොස ශාඛා 13 ක් වහයි නැගෙනහිර පළාතේ කල්මුණේ ආශ්‍රීත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ලක් සතොස අලෙවිසැල් 13 ක් වසා දමා තිබීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය කියයි. 25 March 2020
කොරෝනා මඬින්න බලපිටිය ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක් දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවඳුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50ක් වෙන්කළ බව බලපිටිය ප්‍රාදේශීය සභාපති එන් .සමන් ද සිල්වා මහතා අද (25) පැවසීය. 25 March 2020
බෙන්තොට - බලපිටියේ පුද්ගලයින් 336 ක් නිරෝධායනයේ බෙන්තොට සහ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පුද්ගලයන් 336 දෙනෙකු මේ වනවිට සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ඉඳුරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිහාල් රනසූරිය මහතා පවසයි. 25 March 2020
ගාල්ලේ පුද්ගලයින් 845 ක් ස්වයංනිරෝධායනයට ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 25 March 2020
වීරකැටියේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට වීරකැටිය වෑකඳවල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබිමකින් බරපතල තුවාල පුද්ගලයා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. 25 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 25 March 2020
වීරකැටියේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහලේ වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය කෙමෙගල ප්‍රදේශයේ දී අද(24) මීට සුළු වේලාවකට පෙර පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 24 March 2020
’හන්ටා’ වයිරසයෙන් චීනයේ පුද්ගලයෙක් මරුට කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී, හන්ටා නමැති වයිරසයක් ආසාදනය වීමෙන් චීනයේ යුනාන් පළාතේ පුද්ගලයෙකු මියගොස් තිබේ. 24 March 2020
වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 120ක් වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට සහන සැලසීම සදහා වැලිගම ප්‍රාදේශීය සභාවේ අරමුදල මගින් ලක්ෂ එකසිය විස්සක මුදලක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ මහතා පවසයි . 24 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026