
(විජේරත්න රත්නායක)
බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය පැළඳ සිටි රන් මාලය පැහැරගත් බවට සැකපිට යුධ හමුදා සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මගින් අද (16) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ල, හල්පෙ පට්ටියකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 වන පුද්ගලයෙකු වන අතර ඔහු යුධ හමුදා බුද්ධි අංශයේ සේවය කරන අයෙකු බව පැවසේ.
ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට සිය පෙම්වතාද සමඟ පැමිණ සිටි දියතලාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බියගන්වා ඇගේ ගෙල පැළඳි රුපියල් 22000 ක් පමණ වටිනා රන් මාලයක් සැකකරු විසින් පැහැරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්ෂණික වැටලීමක් සිදුකළ ඇල්ල පොලීසිය ආරුක්කු නවය පාලමට යාබද පයිනස් වගාව තුළ සැඟව සිටි සැකකරු අදාළ රන් මාලයද සමග අත් අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලරත්න මහතා ඇතුළු නිළධාරීන් පොලිස් බුද්ධි අංශ නිළධාරීන්ගේද සහායෙන් අදාළ වැටලීම සිදුකර ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුත් එක්ක හොරු අහුවුණා නම් හොරෙක්ද? සැකකරුවෙක්ද?
ආ ..මේ ශ්රී ලංකාව කියන ලෝකයටම මස් සප්ලයි කරන ධර්මද්වීපයේ මිනීමරු රණවිරුවෙක්. ඔය රණවිරුවෝ කියලා කියාගන්නා උන්ගෙන් 99% ම ඔය වගේ නස්කුනි වැඩ කරපු අය . ඉස්කෝලේ යන ළමයින්ව මරපු , ඒ වගේම අහිංසක දෙමල ගැහැණු ළමයින් දුෂණය කරලා මරපු, නිස්කාරනේ දෙමල මිනිස්සු මරපු (කොටි නොවේ)... 88 -89 දකුණේ කොල්ලන්ට දසවදදිලා මරපු රණවිරු ලේබල් ගහගන්නා නෂ්ටකාමයෙන් පෙලෙන පිස්සන් රැලක් තවමත් යහතින් ජීවත්වෙනවා. ඇත්ත රණවිරුවන් සිටින්නේ පස්කඳු යටයි.