කොරෝනා ගැන අමාත්‍යංශ මට්ටමින් තීරණ නොගන්නැයි ජනපති දන්වයි කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 25 March 2020
කොරෝනා ආසාදිතයෝ 4දෙනෙක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. 25 March 2020
වියළි සළාක ගෙන් ගෙට බෙදාදිමේ වැඩසටහන අරඹයි සමුපකාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද වියළි සළාක ගෙයින් ගෙට බෙදාදිමේ වැඩසටහන බස්නාහිර පළාතේ අද (25) ආරම්භ කෙරිණි. 25 March 2020
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයකට වසා දමයි කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 25 March 2020
සතොස අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව ලබාදෙයි අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර නිවෙස් වෙතට ගෙනෙවිත් දීමේ වැඩපිළිවෙළක් ලංකා සතොස මගින් අද (25) ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය. 25 March 2020
ඇඳිරිනීතියේදී මූදූ යන්න හලාවත ධීවරයින්ට සහනයක් ඇදිරි නිතිය ක්‍රියාත්මකව පැවැතිය දිනපතා පස්වරු 3 ත් මැදියම් රාත්‍රි12 ත් අතර තුර කාලයේ දි හලාවත. ප්‍රදේශයේ ධීවර කාර්මිකයින්ට මුහුදු ගොස් මාළු ඇල්ලිමට අවසර ලබා දෙන බව හලාවත නගර සභාවේ ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කිය. 25 March 2020
කැබිනට්ටුවේදී පැය දෙකක් කොරෝනා ගැන කතා කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැති අතර, එම කාලය තුළ සාකච්ඡාවට ලක්වූයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන පමණක් බව වාර්තා වෙයි. 25 March 2020
කොරෝනා මඬින්න හික්කඩුව නගර සභාවෙන් ලක්ෂ 50 ක් දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවදුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුනින් රුපියල් ලක්ෂ 50 ක් වෙන්කළ බව හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා අද (25 ) පස්වරුවේදී පැවසීය . 25 March 2020
නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් ඉදිකරන්න උපදෙස් කොරෝනා ආසාදිතයන් ලෙස සැක සහිතව රෝහල්ගතව එසේ නොවන බවට තහවුරු වූ රෝගීන් සදහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් සකස්කරණ ලෙද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා සෞඛ්‍ය බලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය. 25 March 2020
ණය ගෙවන්න පහසුකම් සළසන්නැයි අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලයි කොවිඩ්- 19 හෙවත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රටවල් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය වාරික කල්දැමීමේ පහසුකම් සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ. 25 March 2020
‘‘සතුන්ට ප්‍රතිකාර කරන්න ඕනෑම වේලාවක සූදානම්‘‘ මධ්‍යම පළාත් තුල සත්ව ගොවිපළවල සහ පෞද්ගලිකව හදා ගන්නා සතුන්ට ඇති වන රෝගී තත්වයන් සඳහා ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුල වුවප්රතිකාර කිරීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම පශු වෛද්‍යවරුන්ද සූදානමින් සිටින බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය අද (25) පැවසුවාය. 25 March 2020
කොරෝනා වයිරසයෙන් පීඩා විදින්නන්ට සහන පැකේජයක් කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් ත්ත්වය හමුවේ පීඩනයට පත්ව සිටින ජනතාව සදහා සහන පැකේජයක් හදුන්වාදීමට රජය තීරණය කර ඇත. 25 March 2020
මහ මැතිවරණය මාස තුනකින් කල්යයි දැනට කල් දමා ඇති මහ මැතිවරණය කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අඩුම තරමින් තවත් මාස තුනකින් පමණ කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සදහන් කරයි. 25 March 2020
සෑම ධීවර වරායකම මාළු මිල දී ගන්න සංස්ථාව සුදානම් දිවයිනේ සියලූම ධීවර වරායන්ට පැමිණෙන බෝට්ටුවලින් ගෙන එන මසුන් මිල දී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන ඇත. 25 March 2020
ඇඳිරිනීතියේදී වෙනිවැල් ජාවාරමක් ඇදිරි නීතිය පවතින කාල සීමාවේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයන්හි වෙනිවැල් කැපීමේ ජාවාරම දිගින් දිගටම සිදුවෙතැයි වාර්තාවේ. 25 March 2020
කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවූ බව පවිත්‍රා කියයි අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. 25 March 2020
තිස්ස නාගොඩවිතාන සමුගනී ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු , අධ්‍යක්ෂකවරයකු මෙන්ම චිත්‍රපට සංරක්ෂකවරයකු වූ තිස්ස නාගොඩවිතාන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25) අභාවප්‍රාප්ත විය. 25 March 2020
මුහුණපොතේ අසත්‍ය තොරතුරු පළ කළ අයෙක් රිමාන්ඩ් කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි මාලඹේ මැරයින් යුනිවර්සිටි ආයතනයේ පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම තැනැත්තා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය. 25 March 2020
චාල්ස් කුමරුටත් කොරෝනා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඔහුගේ කාර්යාලය අද (25) නිවේදනය කළේය. 25 March 2020
ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවු වාර්තා තහවුරු කරන්න බෑ ඉතාලියේ මෙසිනා නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 25 March 2020
රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල් පරිශ්‍රයටම අතවශ්‍ය භාණඩ ගෙනත් දෙයි රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල් පරිශ්‍රයටම අතවශ්‍ය භාණඩ ගෙනත් දෙයි 25 March 2020
ඉන්දියාවේ කෝටි 130 ක් නිවෙස්වල කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව සිය රටේ බිලියන 1.3ක ජනතාවක් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට ලක්කර තිබේ. 25 March 2020
කොරෝනා ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයත් සුවය ලබා පිටව යයි කෝවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වී අංගොඩ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙවනි රෝගියාත් අද(25) සම්පූර්ණ සුව ලබා පිටත්ව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 25 March 2020
අඩු ආදායම්ලාභි පවුල් සඳහා නොමිලේ සහන මල්ලක් අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් නොමිලේ ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත. 25 March 2020
වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගික අධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය. 25 March 2020
හදිසි අවශ්‍යතා - අපහසුතා දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක් ඇඳිරි නීතිය පවතින කාලය තුළදී නිවෙස්වලට වී සිටින මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. 25 March 2020
කොරෝනා ආසාදිත හමුදා කර්නල් සහ පුත් අයි.ඩී.එච් රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හමුදා කර්නල්වරයෙකු සහ ඔහුගේ පුතා අයි ඩි එච් රෝහලට ඇතුළත් කර ඇතැයි හමුදා ආරංචි මාර්ග පවසයි . 25 March 2020
මැලේසියානුවන් නිවාස වලට කොටු කිරීමේ කාලය දීර්ඝ කරයි මැලේසියාවට පනවාතිබූ නිවාස වලට කොටු කිරීමේ සීමාව අප්‍රේල් 14වැනිදා දක්වා දීර්ඝ කරන බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහිදින් යසීන් අද (25) ප්‍රකාශ කළේය. 25 March 2020
ඇඳිරිනීතිය කාලයේදී ගෘහස්ථ හිංසනය හා කෲරත්වය වැඩිවෙලා ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. 25 March 2020
කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන් කෝවිඩ්-19 යනුවෙන් නම් කර ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ සටනට සහාය වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකු නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට ඉකුත් දා පියවර ගත්තේය. 25 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026