ශ්‍රී ලංකාව-නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද (10) උදෑසන සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . 10 September 2025
කතානායකටත් විශ්වාසභංගයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය. 10 September 2025
අරුණගේ විශ්වාසභංගය කුණු කූඩෙට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 10 September 2025
ලංකාව කාලගුණ ආපදා වැඩි රටක් ලෙස හඳුනාගනී ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030)ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2025
රෝහල් රාජකාරියට බාධා කළ වෛද්‍යවරයා අත්අඩංගුවට තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි 10 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා අත්අඩංගුවට ඉන්දියාවේ දිල්ලි නුවර සිට මෙරටට ගුවන් යානයකින් රැගෙන ආ කුෂ් කිලෝ 10 සහ ග්‍රෑම් 750ක් සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 10 September 2025
සැකකාරිය පොලීසියෙන් මිදි පැන ගිහින් හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂාවට සිටි කාන්තාවකගේ ගහණයෙන් මිදී පලා ගොස් ඇති බව හූරිගස්වැව පොලිසිය පවසයි. 10 September 2025
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 September 2025
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු හවුල්කාරිත්වයෙන් වාසි ගොඩක් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 10 September 2025
කටාර් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුතු මරුට කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. 10 September 2025
විරෝධතාකරුවන් නේපාල් අගමැති බිරිය පණ පිටින් ගිනි තබලා නේපාලයේ හිටපු අගමැති ජාලානාත් කනාල්ගේ භාර්යාව වන රජ්‍යාලක්ෂ්මි චිත්‍රකර් විරෝධතාකරුවන් විසින් පණ පිටින් ගිනි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ(09) වාර්තා කළේය. 09 September 2025
වනාන්තර එළි පෙහෙළි කිරීම ගැන රෙගුලාසි එළඹෙන දෙසැම්බරයේ යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය. 09 September 2025
අවිස්සාවේල්ල ජල පවිත්‍රාගාරය හදන ලංසුව දෙයි අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝන මීටර 5,000 ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
නාමල් ජනාධිපති වෙන්නේ අයිස්ලන්තෙද? නාමල් ජනාධිපති වෙන්න හදන්නේ ’’අයිස්ලන්තයේ’’ දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 09 September 2025
නැවතුණු සෞඛ්‍ය ව්‍යාපෘති 17කට යළි පණ එයි දැනට අත්හිටුවා ඇති සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
දඹුල්ල කර්මාන්ත පුරේ වැඩ අරඹන්න මිලියන 750 ක් දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
ඊශ්‍රාලයෙන් කටාරයට ප්‍රහාරයක් ඊශ්‍රායල හමුදා, කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට හමාස් සංවිධානයට අයත් දේශපාලන කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. 09 September 2025
නේපාලයේ හිටපු අගමැති බිරිදට ගිනි තියලා නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූවාය. විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජල නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදීය. 09 September 2025
පොහොට්ටුවේ තනතුරු තුනකට පත් කරයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනතුරු තුනක් සඳහා නව පත්කිරීම් අද සිදුු කළේය. 09 September 2025
මන්නාරම රෝහල දියුණු කරන්න ඉන්දියාව එක්ක ගිවිසුමක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියා රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (9) සිදු කෙරිණි. 09 September 2025
කර්මාන්තපුර වල ඉඩම් ආයෝජකයන්ට බද්දට දෙයි නව කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයින් වෙත ප්‍රාදේශීය කර්මාන්ත පුර වලින් ඉඩම් කොටස් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
රජයේ රස පරීක්ෂක ඇල්ලට ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15කට කැඳවමින් 18කට තුවාල සිදු කරමින් ප්‍රපාතයට පෙරලීයාමෙන් සුනු විසුණු වී ගොස් ඇති විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් සහ බස් රථයේ ගැටුණ සුඛෝපභෝගී ජීප් රථය පරික්ෂා කිරිමට රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක වයි . එම්.ඩබ්ලිව් එස්.බංඩාර මහතා අද (9) ඇල්ල ට පැමිණියේය. 09 September 2025
ආයෝජන ගිවිසුම තුනෙන් දෙකෙන් සම්මතයි ආයෝජන අවස්ථා වැඩි කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ගිවිසුම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9)තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය. 09 September 2025
විදුලි බලයට මාර්ගෝපදේශ හදන්න විශේෂඥ කමිටුවක් ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
’’මේ ආණ්ඩුවේ එකම ආයෝජනය අයිස් පැක්ටරි විතරයි’’ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විට ගෙනා එකම ආයෝජනය අයිස් පැක්ටරි පමණකැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 September 2025
අපේ අයට ඔලිම්පික් ජය ගන්න වැඩක් අරඹයි ’’ඔලිම්පික් මෙහෙයුම’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
ලොතරැයි මුද්‍රණයට දුන්න නව ලංසු මෙන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත වසරක කාලයක් සඳහා පරිගණකාශ්රිත දිනුම් ඇදීමේ ලොතරැයිපත් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
ඕලුගලට අලුත් තනතුරක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව අපරාධ වැටලීම් කරනු ලබන ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයේ අධික්ෂණ ප්‍රධානී ලෙස බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පත්කර ඇත. 09 September 2025
බිමල් තානාපතිට දෙහි කපයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරටදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් කටයුතු කළ ආකාරය ගැන තමා පෞද්ගලිකවම කණගාටුවන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 September 2025
විරෝධතාකරුවෝ නේපාල් මැතිසබයට ගිනි තබති තරුණ තරුණියන් 21 කට මරු කැඳවූ විරෝධතාවලට අවසන් කරමින් ඒ සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ෂර්මා ඔලී අද පැවැසුවේය. 09 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026