බඹර ප්‍රහාරයෙන් කතක් මරුට යාපනය ප්‍රදේශයේදී බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව තෙල්ලිපලේ පොලිසිය සදහන් කරයි. 11 September 2025
මේ ආණ්ඩුවත් පාස්කු නැටුමක් නටනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත් පිල්ලෙයොන් තියාගෙන නැටුමක් නටන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 September 2025
නාගරික සංවර්ධනයේ හිටපු ඉඩම් අධ්යක්ෂ ජනරාල් අත්අඩංගුවට රජයට රුපියල් ලක්ෂ 295 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ඉඩම් අධ්යක්ෂ ජනරාල් හා අධ්යක්ෂ අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත. 11 September 2025
විගණන පනතට සංශෝධන 14ක් ජාතික විගණන පනතට අප සංශෝධන 14 ක් පමණ ඉදිරිපත් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 September 2025
සෞඛ්‍යයේ දියුණුවට ජපානෙන් දිගටම උදව් කොළඹ ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහත්වරුන් ඇතුළු ජපාන දූත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 11 September 2025
ඇල්ලේ මියගිය අයට පිං දෙන්න දානයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් සිදුවු මාරක බස් රථ අනතුරින් මියගිය පිරිසට පිංඅනුමෝදනා කිරීමෙ පිංකමක් බසය පෙරැළී ගිය ස්ථානයේදී සිදු කෙරිණි. 11 September 2025
විපක්ෂය දාන්නේ ටී .වී ෂෝ එල්ලෙන්න වැල් නැති විපක්ෂය ටී වී ෂෝ දමමින් සිටින බව වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 September 2025
අපි විගණන පනතට තටු දුන්නා තටු නැතිව තිබූ විගණන පනතට තටු සවි කිරීමට වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන හරහා හැකියාව ලැබුණු බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය 11 September 2025
බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න 2025/26 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියපදිංචි විය යුතු බව ගොවිජන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි. 11 September 2025
පොලීසිය යොදවාගෙන සංවිධානාත්මක කල්ලියක් හදලා විදේශ රටක රැඳී සිටින පුද්ගලයකු පොලිස් නිලධාරීන් යොදාගෙන පවත්වාගෙන ගිය සංවිධානාත්මක කල්ලියක් මෙරට සිට මෙහෙය වු පුද්ගලයා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 September 2025
වගා හානි වන්දි මිලියන 1640ක් ගෙවයි වගා හානි වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 1640 ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 11 September 2025
කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන වැඩක් හරිනි කියයි විපක්ෂනායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඉලක්ක කර කළ අපහාසාත්මක ප්‍රකාශය තර්ජනයක් වගේම කාන්තා හිංසනයක් බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (11) පැවසුවාය . 11 September 2025
ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව වෙන්නේ නෑ ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව සිදුවන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා:-(ස.ජ.බ) පැවැසීය. 11 September 2025
විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ලක්මාලිට බැන්නා ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තුවේදී ඊයේ තදින් කතා කළේ යැයි ද ඒ හැසිරීම අවලස්සන යැයි ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 11 September 2025
සජිත් යලිත් පාස්කු විවාදයක් ඉල්ලයි පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය. 11 September 2025
ලපයි- සිපයි වචනය දුරදිග යයි සභානායකවරයා විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් ඇමතීම මුල්කර ගනිමින් සභාවේ විවාද තත්ත්වයක් ඇතිවී පවතී. 11 September 2025
පොඩි මැණිකේ පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය අද (11) බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන අතර 178 සැතපුම් කණුව අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . 11 September 2025
පාර්ලිමේන්තුව උණුසුම් ආණ්ඩු පක්ෂයේ විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් පැවසූ බවද ඒ කතාව ඉල්ලා අස්කර ගත යුතු බවද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගමේ නැගී සිටිමින් විරෝධය පළකරති. 11 September 2025
පාර්ලිමේන්තුව යළි ඇරැඹේ විනාඩි දහයකට කල් තැබුණු පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර යළි ඇරඹිණි. 11 September 2025
පාර්ලිමේන්තුව වි.10 කට කල් තියයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වය මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තබනු ලැබීය. 11 September 2025
හිටපු මන්ත්‍රී 29 කගෙ ගෙවල් සහන කපයි කොළඹ වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ගැනීමටඉදිරිපත් වූ හිටපු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට එවකට ආණ්ඩුවදී තිබූ සහන ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 11 September 2025
පාතාලය සමඟ ගණුදෙනු කළැයි එස් අයි අත්අඩංගුවට පාතාල සාමාජිකයන් සමඟ සබඳතා පැවැත් වූ බවකියන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබීය. 11 September 2025
ශ්‍රී ලංකාව-නේපාලය අතර ගුවන් ගමන් අරඹයි වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමඟ යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . 11 September 2025
බළංගොඩදි බස් තුනක් එකට ගැටේ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය. 11 September 2025
ට්‍රම්ප් මිතුරු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කෙරේ ඇමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවකු මෙන්ම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතකු ලෙස ද සැලකෙන චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත්විය. 11 September 2025
බොරලැස්ගමුව ඝාතනයේ තවත් සැකකරුවෙක් මාට්ටු බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 11 September 2025
තැනින් තැනට 1.00 පසු තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 11 September 2025
හෙලිකොප්ටරයේ එල්ලී පලා යෑම නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය. 11 September 2025
ඇල්ලේ අනතුර සිහිකර පිංකම් මාලාවක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මියගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සහ තුවාල ලැබූවන්ට සෙත් පතා අනතුර සිදු වූ ස්ථානයේ සහ තංගල්ල නගර සභාව අසල මහ පිරිත් සජ්ජායනාවක් සහ පහන් පූජාවක් සංවිධානය කර තිබුණි. 11 September 2025
සෙවනගල වැඩ යළි අරඹයි සෙවනගල උක් ගොවියන් සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න නොදී ආරම්භ කළ දින හතක වැඩ වර්ජනය නිමා කරමින් එම කර්මාන්ත ශාලාව උක් ඇඹැරීම අද දින සිට ආරම්භ කරනු ලැබීය. 10 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026