හොර පාරෙන් ගෙනා ජීප් 2ක් සමග හිටපු නගර සභාපතිවරයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ආනයනය කළ බව කියන ජීප් රථ 2ක් සමඟ වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 13 September 2025
බැකෝ සමන්ගේ සමීපතමයෙක් ගිනි අවියක් උණ්ඩ සමග මාට්ටු දැනට රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී අසූ එක ගිනි අවියක් සහ උණ්ඩ 97ක් සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 13 September 2025
කතානායකට විශ්වාසභංගය එන සතියේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි. 13 September 2025
ඝාතන දෙකකට සම්බන්ද දෙකක් අත්අඩංගුවට මරදාන සහ බොරලැස්මුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 13 September 2025
හේමා වාහනේ බාර දෙයි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 13 September 2025
ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින් ග්‍රාමීය සහ විවිධ සමූපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාදයන් හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් රත්නායක මහතා පැවසීය. 13 September 2025
පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය. 13 September 2025
බොරැල්ල ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 13 September 2025
කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස 18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී. 13 September 2025
මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු ජීවත් වූ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත නික්ම යන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 13 September 2025
බාලාංශ සිසුවාට දහයේ සිසුවෙක් ගහලා හක්මන ප්‍රදේශයේ පාසලක පළමු වසරේ සිසුවකුට එම පාසලේ දහය වසරේ සිසුවකු පහරදී කුරුඳු ඉඩමකට දමා ගොස් සිටියදි සොයාගත් බව හක්මන පොලිසිය පවසයි. 13 September 2025
’’අල්ලස් පනත්වල බරපතළ අඩුපාඩු’’ අල්ලස් කොමිෂන් සභා පනත්වල බරපතළ අඩුපාඩු පවතින බවත් ඉංග්‍රීසි පනත කියෙව්වොත් තමාට මේ තනතුරේ පවා රාජකාරිය කිරීමට නොහැකි බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසීය. 12 September 2025
විධායක නිලධාරීන්ට කෘත්‍රිම බුද්ධිය උගන්වයි රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 12 September 2025
බලංගොඩ රා තැබෑරුම කෝටි තුනකට ටෙන්ඩර් වෙයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වර්ෂය සදහා රුපියල් තුන් කෝටි හැත්ත හතර ලක්ෂ හැට හතර දහසකට අද (12) දින ටෙන්ඩර් වු බව බලංගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ගයානි රේණුකා මහත්මිය පැවැසුවාය. 12 September 2025
හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) සහ අනිද්දා (14) දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ. 12 September 2025
ඉදිකිරීම් කර්මාන්ත කරුවෝ ජනපතිට අයවැය යෝජනා දෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී අද (12) පැවැත්විණි. 12 September 2025
පොලිස් සේවා ගාස්තු වැඩිවෙයි බැංකු ඇතුළු විවිධ මූල්‍ය ආයතන පොලිස් ස්ථානවල ස්ථාපිත කර ඇති සයිරන් නළාවක් හෝ නළා පද්ධතියක් සදහා මසකට රුපියල් 10,000 ක ගාස්තුවක් අයකෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 12 September 2025
ඇල්ල බස් අනතුරේ තවත් කතක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී සිදුවු මාරක විනෝද චාරිකා බස් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහලගිය බව ඇල්ල පොලිසිය පවසයි . 12 September 2025
’’ජනතා ආදරය නැමැති වරප්‍රසාදය උදුරා ගන්න කාටවත් බෑ’’ තමාට ලැබෙන ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම නැමති වරප්‍රසාදය කිසිවකුට අහිමි කිරීමට හැකියාවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසයි. 12 September 2025
‘‘ගම්මන්පිල අල්ලන්න තවම තීරණයක් ගෙන නෑ‘‘ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නැතැයි රහස් පොලිසිය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 12 September 2025
පාස්කු පරීක්ෂණයට ඇති බාධාවක් මුජිබර් පෙන්වයි නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා එම ධුරයේ සිටිමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසිය. 12 September 2025
රතන හිමිට ඇප 2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් නුගේගොඩ අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය. 12 September 2025
පොලිස් ස්ථානාධිපතිවරුන් 33 කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 33 කු උදෙසා ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි’ 12 September 2025
හොර යතුරු පැදි මාරු කළ PC ඇතුළු දෙකක් මාට්ටු ව්‍යාජ අංක තහඩුවක් යතුරුපැදියකට සවි කර තවත් යතුරුපැදියකට හුවමරු කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු ඊයේ (11) අත්අඩංගුවට ගත්බව වලස්මුල්ල පොලිසිය පවසයි. 12 September 2025
අර්ජුන - ධම්මික රණතුංග ගැන පරීක්ෂණ කඩිනම් කරන්න හිටපු අමාත්‍යවරයෙකු වූ අර්ජුන රණතුංග සහ ඔහුගේ සහෝදරයෙකු වන ධම්මික රණතුංග යන මහත්වරු කළේ බව කියන රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. 12 September 2025
ත්‍රි’මලේ රෝහලට හොඳ කලක් යයි ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රුපියල් මිලියන 1074 ක මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 12 September 2025
පාර්ලිමේන්තු අයිටී අංශයේ නිලධාරිනියකට අවවාද ලිපියක් පසුගිය කාලයේදී කාන්තා හිංසන සිද්ධීන් ගණනාවක් වාර්තාවූ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරිනියකට එහි ප්‍රධානීන් විසින් අවවාද ලිපියක් යොමු කරනු ලැබ ඇතැයි වාර්තාවේ. 12 September 2025
ධීවර සංස්ථාව කෝටි 160ක ණය කන්දක ලංකා ධීවර සංස්ථාව රුපියල් කෝටි එකසිය හැටක ණය කන්දක සිරවී සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (12) පැවසීය. 12 September 2025
කබීර් කෝපා සභාපති තනතුරට දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය. 12 September 2025
අධ්‍යාපන වැරදි හදන්න හරි කාලෙදි ක්‍රියා කරන්න අධ්‍යාපන ක්ෂේත්රයේ අසමතුලිතතා දුරැලීමට නියමිත කාලයේ දී අවශ්‍ය පියවර නොගැනීම නිසා රටේ සිසු පරපුර අසීරු තාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026